අධිකරණය අසලදි කළ පහරදිමකින් ධීවරයෙක් මරුට….

0
84

ධීවර රැකියාවේ නියුතු 34 හැවිරිදි තරුණයෙක් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පිරිසක් විසින් 21 වනදා සවස මහාධිකරණ භූමිය අසල වටරවුමේදි පහරදිම හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර සිටියදි 22 වනදා රාත්‍රියේ මියගොස් ඇත.
මීගමුව තලාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන කුරුකුලසූරිය සුමිත් ප්‍රසන්න නැමැත්තා තමන් රැකියාව කරන බෝට්ටුවට අවශ්‍ය බඩු පටවන්නට තම යතුරු පැදියෙන් යමින් සිටියදි ත්‍රිරෝ රථයක් හා ගැටිමකට ලක්විමට ගිය අවස්ථාවේ එහි සිටි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉන් බැස අවුත් මේ ධීවර තරුණයා හට පහරදි තිබේ.එය බේරිම සදහා පැමිණි ධීවර තරුණයාගේ ඥාතියෙකු හට ද පහර දි තිබේ.
පසුව සිය ඥාතියා විසින් ත්‍රිරෝද රථයකින් ධිවර තරුණයා සිය නිවසට ගෙන ගියද ඔහු කිසිදු වචනයක් කථාකළේවත් ඇස් ඇරියේවත් නැත.
ලේ ගැලිමක් හෝ තුවාලයක් පෙනෙන්ට තිබුනේ නැතත්  තත්වය අසාධ්‍ය වෙමින් පැවැතිම නිසා මුලින්ම මීගමුව රෝහලටත් පසුව කොළඹ රෝහලේ දැඩි සත්කාරයටත් ප්‍රතිකාර සදහා මාරුකර යැවුණ අතර අවාසනාවන්න ලෙසින් 22 වන දා රාත්‍රි 7 ට පමණ ඔහු මිය ගොස් තිබුණි.
මේ පහර දිම කර තිබුනේ යැයි කියන ත්‍රිරෝද රථයෙන් පැමිණි 6 දෙනා සහ ඊට එක්ව සිටි තවත් අයෙකු මුන්නක්කරයේ හා කුට්ටුදූවේ පදිංචිකරුවන් බව වාර්ථා වේ.
එහෙත් මෙ අයගෙන් දැනට  පොලිසිය විසින් අත්ුඩංගුවට ගෙන ඇත්තේ එක් අයෙක් පමණි.
මිය ගිය ධීවර තරුණයා  දෙදරු පිෙයකු වන අතර ඉතා තැන්පත් ලෙසින් ජිවත් වුවෙක් බව ප්‍රදේශවාසින් විසින් තවදුරටත් පවසා සිටින අතර දැනට පොලිසිය  රාජකාරි කරන අකාරය ගැන තමන් වෙත විවේචනයක් ඇති බවද ඔවුහ කියති.