අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කුරැණෑගල පෙළෙ ගැසේ .

0
165

අද මුළු රට පුරාම මහත් අවධානයට පත්ව ඇති අධිකණයේ ස්වාධින්වය පිළිබද ගැටළුව වෙනුවෙන් කුරුණැගල නගරයේ ක්‍රියාකාරම් රැසක් සංවිධානය කර තිබුණි.

අද මුළු නගරයේම නිතිඥ මහත්ම මහත්මීන් සිය සේවාවලින් වැලකි සිටිමින් රටපුරා ගොඩනැගමෙන් ඇති අධිකරණයේ ස්වාධිනත්වය පිළිබදව වු ව්‍යාපාරයට සම්බන්ධ වි තිබුණි.

එමෙන්ම සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරින් විසින් අද දින සවස් වරැවේ නගර මධ්‍යයේ සාමකාමි උද්ඝෙෝෂණයක් සහ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණි.

තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පැවැත්වෙන මෙම විශේෂ සම්මන්ත්‍රණය හිටපු මහාධිකරණ විනිසුරු වරාවැව මහතා,සහ නිතිඥ චන්ද්‍රපාල කුමාරගේ ,නිතිඥ විපුල චන්ද්‍රසේකර,නිතිඥ සුදර්ශන ගුණවර්ධන යන අය විසින් දෙසුම් පැවැත්විමට නියමිතව ඇත.