අනතුරක් සිදුකළ උසස් පොලිස් නිළධාරියාගේ දියණියට ඇප ?

0
97

fb_img_16055171489323908226107684597272( 7.00 am ) කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඊයේ දිනයේ ඇප ලබාදී තිබුණි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා තිබුනේ  අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවය.

අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනයකර අනතුරක් සිදුකිරීම හේතුවෙන් මෙලෙස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 20 හැවිරිදි තරුණියක් වන අතර ඇය නුගේගොඩ උසස් පොලිස් නිලධාරියෙකුගේ දියණිය බව අනතුරු සිදුව සුළු මොහොතකින් සමාජ මාධ්‍ය විසින් හෙළිරදව් කළේය125388426_2539500469680374_8259974926468477039_o

නිදහස් මාවත ආසන්නයේ නෙළුම් පොකුණ රඟහල අසල පිහිටා තිබූ මොටර් රථ ප්‍රදර්ශනාගාරයේ ගැටී සිදුවූ මෙම අනතුරින් ප්‍රදර්ශනාගාරයට හා එහි තිබූ සුඛෝපභෝගී මෝටර රථ කිහිපයකට අලාභ හානි සිදුවී තිබේ.අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිටි තවත් අයෙක්  අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.125071810_2539500709680350_456470937693350610_o

අංක තහඩු ගැලෙව්වේ ඇයි ?
අනතුරට ලක්වූ මෝටර් රථයේ අංක තහඩු ගලවා ඉවත්කරන ආකාරය ද කැමරාවල සටහන්ව තිබුණ අතර සමාජ මාධ්‍ය වෙබ් පුවත් ඔස්සේද එයට පුළුල් ප්‍රචාරයක් ලැබි තිබුණි.
කෙසේ වෙතත් මේ සිදුවිම අරභයා පොලිසියේ හැසිරිම මේ වන විටත් බරපතල විවේනයකට ලක්ව තිබේ.එක රටක් නීති දෙකක් යන තේමාව යළිත් වරක් සමාජ අවධානයට බදුන් වෙමින් තිබේ

අනතුරු සිදුකළ තරුණියගේ සහෝදරයා? 

පසුගිය වසරේ පෙබරවාරි මස බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගැටී මියයාමට හේතුවූ ඩිෆෙන්ඩර් රිය පදවා තිබුණේ ද අදාළ අනතුර සිදුකළ තරුණියගේ සහෝදරයා විසින් බවද මේ සිදුවිමත් සමගින් යළිත් සමාජගත විය

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක අතර පුද්ගල හානි සිදුව නොමැති බැවින් අනතුර සිදුකළ පාර්ශවය අලාභ පියවීමේ එකඟතාවකට පැමිණියහොත් පරීක්ෂණ අනවශ්‍ය වියහැකි බවය.

එහෙත් ඔහු වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලිසීය විසින් ඇප ලබා දුන්නද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අනුව නඩු පවරන බවය.125538792_2539500636347024_3284897309704772768_o

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සින්ඩි වික්‍රමනායක නම් තරුණියක් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ එම අනතුරට තමා සම්බන්ධ නැති බවත් තමා එම ස්ථානයට ගියේ සිය මිතුරන් ගැන සොයාබැලීමට බවත්ය.