අනතුරුවලට අතවනන පාලමක්

0
59
????????????????????????????????????

මීගමුව  කෙලින්වීදිය  පාරේ  මහවීදිය පල්ලිය දෙස සිට  එනවිට  හමුවන පාලම  අසලින්  පරණ හලාවත පාරට  හැරෙන  ස්ථානයේ   වාහන  තදබදය ඇති වේලාවලදී   එ් අසලින් ගමන්කිරීම  ඉතා අපහසු කරුණකි.

මෙම ස්ථානයේ  තිබෙන  අවදානම් තත්වය  ගැන  පැහැදිළි කරමින්  එම ස්ථානයේ  රැදී සිටි  මීගමුව  පොලීසියේ නිලධාරී මහතකු මීපුර වෙත ප්‍රකාශ කළේ  පාරේ වාහන  සදහා  පමනක්  නොව  යන එන ජනතාවටද  මේ නිසා  කරදර  සිදුවන  බවයි.  එමෙන්ම  මේ පිළිබඳව මැදිහත්වී කටයුතු  කරන්නේනම්  බොහෝ  පින් අත්වන කටයුත්තක්  බවද ඔහු පවසා සිටිනු ලදී. මෙයට එකම විකල්පය  පාලම  පලල් කිරීම බව  ඹහු ප්‍රකාශ කරන ලදී.  එම ස්ථානය සුළු වේලාවක්  නිරීක්ෂණය කරන විට එහි  යන එන වාහන හසුරුවා ගැනීමට  කොතරම් අපහසුදැයි  වටහාගත හැකිය.   මේ තත්වයන් මත  මේ  ගැන  අවධානය  යොමුකිරීමේ   වැදගත්කම අපි වගකිවයුත්තන්ට  අවධාරණය කරන්නෙමු.

????????????????????????????????????

 

????????????????????????????????????

????????????????????????????????????

DSC_0472

සටහන  සහ ඡායා – සැම්සන් ඥානසිරි