අන්දමන් දූපතේ සිරගතව සිටි ධීවරයින් නිදහස් – උපවාසය නිමයි

0
43

ඉන්දියාවේ අන්දමන් දූපත්වල දැනට අවුරැදු එකහමාරක් පමණ සිට සිරගතව සිටින කන්දකුලියේ ධිවරයින් 06 දෙනා ඊයේ නිදහන් කළ බව වාර්තාවේ. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු බාරව සිටින අන්දමන් හී  ශ්‍රී ක්‍රිෂ්ණරාවෝ නීතිඥවරයා  මාර්ගයෙන් ඔවුන් නිදහස් කළ බවට ඥාතීන්ට  දැනුම් දී ඇති අතර මේ වන විය එම ධිවරයින්ව එළිමහන් සිරකදවුරක රදවා තිබෙන බවද දැනුම් දී ඇත.

එම ධිවරයින් නිදහස් කිර ගැනීම උදෙසා දැනට දින දෙකකට පෙර බැදිවැව දියසේන ස්වාමීන්වහන්සේ ඇතුළු තවත් හිමිවරැන් 3 නමක්  සහ පවුල්වල ඥාතින් 2012-01-15 වනද නැවත උපවාසයක් ආරම්බ කරන ලදී. ඔවුන් මෙලෙස  උපවාසය ආරම්භ කළේ දෙවන වරට වන අතර මෙම ධිවරයින් නිදහස් කරනතුරැ මෙම අපවාසය අත්නොහරින බව ගරැ බැදිවැව දියසේන ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරන ලදී.  එම ධිවරයින් නිදහස් කළ බව දැනගත් පසු අද දින එම පිරිස
කන්දකුලියේදී එම උපවාසය අත්හැරියේ සිය අධිෂ්ඨානය ඉෂඨවීමේ ප්‍රීතියද සමගිනි.