අනිල්ලා.. සුසන්තලාගේ වැව් ප්‍රේමය ….

0
92

අප විසින් මුලින්ම මතු කර තිබු වෙන්නප්පුව වැව පිළිබද ප්‍රශ්ණය අද සිරස විමර්ශන ඔස්සේද මතු කර තිබුණි.
වැව අසල පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති සුසන්ත මහතාගෙන් අවසර ඉල්ලා ඇත්තේ වැව සෝදා පාලුවට ලක්වන නිසා පුද්ගලික වියදමින් මීටර් 100 ක බැම්මක් බදින්නටය. ප්‍රාදේශිය සභාපතිවරයාත් මැදිහත්ව වෙන්නප්පුව ඉජිනේරු කාර්යාලයෙන් මේ අවසරය ලබාගෙන දැන් හිතුමතේ බැම්මක් ඉදිකර ඇත.
මේ නිතිවිරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි සංවිධාන දැනටමත් සිය විරෝධයන් මතු කර තිබේ.
ගැටළුව වන්නේ වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපතිවරයා අනිල් නැමැත්තාට වැව ගොඩකරගන්න ඉඩදුන්නේ නිකම්මද යන්නයි.
ඔහු එතරම්ම අහිංසකද..???