අනේ අනෝමා ……..???????

0
154

කඩොල්  කැලේ පිට්ටනියට අදාල ගිවිසුම් කඩකිරිම නිසා නැවතත් නගර සභා පාලනය යටතට ගැනිමට කටයුතු සිදුව තිබුනේ 2006 වසරේදිය. එහෙත් එය එසේ සිදු නොවු  අතර කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරවම තවදුරටත් එය පවත්වාගෙවන යනු ලැබුවේ ජුපිටර්ස් ක්‍රිඩා සමාජය විසිනි.මෙම නිති විරෝධි ක්‍රියාවට එරෙහිව කටයුතු කරන්නට කිසිදු නගර සභා නිළධාරියෙක් පියවර ගෙන නොතිබිමෙන් පෙනි යන්නේ මීගමුව මහනගර සභාවේ ජනතාවගේ බදු මුදල්  වලට වගනොකියන පරිපාලන නිළධාරින් පිරිසක් මීගමුවේ ක්‍රියාත්මක බවය.

දැන් තත්වය තවත් භායනකය.මීගමුව මහනගර සභාවේ ක්‍රිඩා කමිටුවේ සභාපතිගේ ප්‍රධානත්වයෙන් කඩොල් කැලේ පවතින නිතිවිරෝධි පාලනයට එරෙහිව නගර සභාවේ පාලනයට මේ ක්‍රිඩා පිටිය වහාම ලබාගැනිමට කටයුතු කරන ලෙස අදාල බලධාරින් වෙත දන්වා සිටින ලදි. එය සිදුවි මසක් ඉක්මවා තිබුනද ජුනි 09 වෙනිදා මේ ක්‍රිඩාංගනයේ පැවත්විමට නියමිත සංගිත සංදර්ශනයට එය වෙන්කර දි ආදාල මුදල් ලබාගෙන ඇත්තේද ජුපිටර්ස් ක්‍රිඩා සමාජය විසින් බව වාර්ථා වේ.

මේ සම්බන්ධයෙන් අප නැවතත් මීගමු මහනගර සභාවේ සුභ සාධන අංශයේ නිලධාරිනි අනෝමා මහත්මියගෙන් මිට මුළු මොහොතකට කලින් විමසා සිටි අවස්ථාවේදි ඇය පවසා සිටියේ දැනට සතියකට කලින් තමන් මේ ගැන නාගරික කොමසාරිස් තුමියගෙන් උපදෙස් පැතු බවය.

අප මේ පිළිබදව මීගමුවේ  ආණ්ඩු පක්ෂ නගාරික මන්ත්‍රිවරයෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ බදුගෙවන ජනයාගේ මුදලින් නඩත්තුවෙන  ඇතැම්  මහනගර සභා සේවකයන් ගැන තමන් ලැජ්ජාවට පත්වන බවය. එමෙන්ම මීගමුවේ බදුගෙවන ජනයාට මේ යථාර්ථය නිරන්තරයෙන්ම හෙළි කර සිටිම මාධ්‍යවල වගකිමක් බවටද අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here