අපි හැමෝටම අපි දන්න අඳුනන අය ගැන විශ්වාසයක් තියනව. නොදන්න කෙනෙක් වුණත් ටිකක් වෙලා දැන අඳුනගෙන කතා කරනකොට විශ්වාසයක් ඇතිවෙනව. හරියට අඳුරන අය අපිට කෙළවන්නෙ නැතිවෙයි වගේ එකක්. ඒක බොහෝදුරට මුළාවක්. ඇත්තටම අඳුනනම අය තමයි බලාගෙන යද්දි හොඳටම කෙළවන්නෙ.
එතකොට ඒ විශ්වාසය අර්ධ සත්‍යයක් (අසත්‍යක්ය කියන්න මම සාහසික වෙන්නෙ නෑ. මොකද ගොඩක් වෙලාවට උදව් කරන්නෙත් අඳුනන අයම තමා)ඒ විශ්වාසය කොවිඩ් රෝග බිය කියන කාරණයේදි අපිව තවදුරටත් මුළා කරනව. හිතනව නිකං අපි දන්න අය අපිට ලෙඩේ බෝ කරන එකක් නැතිවෙයි වගේ.
දන්නා අඳුරන අය තාම අත්‍යවශ්‍ය නොවන දේවල් වලට මුණ ගැහෙනව. පොඩි චැට් එකක් දානව. තේකක් බොනව. සමහරවිට සිගරට් එකක් , බියර් ෂොට් එකක් එහෙමත් දානව. නාඳුනන කෙනෙක් ගාව මාස්ක් දාගෙන ඈතින් ඉන්න අය අඳුනන කෙනෙක් ආවම මාස්ක් ගලවනව, ග්ලවුස් ගලවනව.
මීටරේ දුර අමතක කරනව. නාඳුනන කෙනෙක් වුණත් ටිකක් වෙලා කතා කරල අඳුනගත්තම අර ආරක්ෂක උපක්‍රම ටික අතෑරල දානව. දැං අඳුනනවනෙ. ප්‍රශ්නයක් නෑ. ඊයෙ මරණ 171යි කියල දැන් ටිකකට කළින් හෙළකුරු ඇප් එක කියනව. ඔතනිං වැඩිදෙනෙකුට රෝගය එන්නෙ අඳුනන අයගෙන්ම තමා.
අපි ආරක්ෂාව අපිටත් නොදැනී වැඩියෙන්ම නොසළකා හරින්නෙ අඳුරන අය ගාව. එතකොට රෝගය එන්න වැඩියෙන්ම ඉඩ තියෙන්නෙත් අඳුනන අයගෙන්. සමහර අය අඳුනන අය ඉන්න තැනක ආරක්ෂා වෙන්න හදද්දි “අපෝ…. මේ බලහංකො මූ… අපිට කොවිඩ් නැහැ බං..” වගේ කිචේට කතාත් කියනව.
“ඒක කොහොමද තෝ දන්නෙ?” එහෙම අයට තමයි මාරයාගේ දූතයො කියන්නෙ. ජීවිතයේ අනෙක් ප්‍රශන වලදිත් වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන අඳුනන අයගෙන්.
කොවිඩ් වලදි ඒක ඊටත් වැඩි.මේ ප්‍රශ්න අකා මකා වෙනකල් අඳුරන්නෙම නෑ වගේ ඉන්න තරමට තමා හොඳම. මොකද දැන් ආශ්‍රිතයෙක් නොවිච්ච එකෙක් නෑ.
(අතිල අතාවුදගේ ෆේස් බුක් පිටුවෙනි )