අපහාසයට වන්දි ඉල්ලා ස්වාධීන රූපවාහිනියට නඩු

0
51

ITN-267x110

   2013 ජුලි 14, 15, 16 දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ රාත්‍රි  ප්‍රවෘත්ති විකාශයෙන් ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය තහනම් කිරීම පිළිබඳ වාර්තා කරමින්, ප්‍රකට සාහිත්‍යවේදියෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ගාමිණී වියන්ගොඩ එම චිත්‍රපටය සඳහා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවෙන් ආධාර සපයා දී ශ්‍රි ලංකාවට එරෙහි කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු වශයෙන් කටයුතු කොට ඇති බවට චෝදනා කරමින්, ඔහුගේ ඡුායාරූපයක් ද සමග පළ කළ පදනම් විරහිත අසත්‍ය ප්‍රවෘත්තිය නිසා ඔහුගේ කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් මිලියන 500 ක් ඉල්ලා ස්වාධීන රූපවාහිනියට (අයි.ටී.එන්) එන්තරවාසියක් යවා ඇත.
   පසු ගිය ජුලි මාසයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ ප්‍රංශ චිත්‍රපට උළෙලේ මුල් දිනයේ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය ප්‍රථම වතාවට ලංකාවේ ප්‍රදර්ශනය කරන ලදි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය විදෙස් චිත්‍රපට උළෙල කිහිපයක් නියෝජනය කරමින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන ගණනාවක් ද දිනාගෙන තිබේ. එය කොළඹ උළෙල සඳහා ප්‍රදර්ශනය කිරීමේ සහතික පත‍්‍රය ලංකාවේ ප්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලයෙන් සපයා තිබියදීත්, එම චිත‍්‍රපටය තහනම් කොට මුළු ප්‍රංශ චිත්‍රපට උළෙලමත් අතරමග අත්හිටුවීමට වෙනත් බලධාරීන් පිරිසක් පියවර ගත්හ.
   සති දෙකක් ඇතුළත මේ වන්දි මුදල නොගෙවුවහොත්, ස්වාධීන රූපවාහිනී සේවයට එරෙහිව නඩු මගින් කටයුතු කරන බව, ගාමිණී වියන්ගොඩ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමාගම රූපවාහිනී සභාපතිවරයාට දැනුම් දී තිබේ.