අප්පුහාමිලාට මොකටද අලුත් ව්‍යවස්ථාවක් හම්බකරගත්තොත් මදැ?

0
117

chilaw meeting 1අළුත් ව්‍යවස්ථාවක් ගැන කථා බහක් පසුගිය දිනක  හලාවතදි පැවැත්විණි .ඒ සදහා පුත්තලම් දිස්තික් එජාප මන්ත්‍රීන්ද සහභාගිවිමට නියමිතව සිටියද කිසිවෙකුත් පැමිණ සිටියේ නැත.මෙහි සංවිධායකන් ඇතැම් මන්ත්‍රීන් පුද්ගලිකවම හමුවි ඇරයුම් කර ඇති බවද සැලය.එහෙත් පැමිණ ඇත්තේ හිටපු ඇමතිවරයෙකු වන මිල්රෝයි ප්‍රනාන්දු  මහතා පමණි.
පුත්තලම් දිස්ත්‍රික්කයේ සිටින ඇතැම් ජේෂ්ඨ එජාප මන්ත්‍රිවරුන් සිතන්නේ අළුත් ව්‍යවස්ථාවක් මොකටද කියාය.
ජනමතවිචාරණයක් එනවට අපි නම් කොහොමටත් කැමැති නැතැයි මේ මන්ත්‍රිලා මෙන්ම මන්ත්‍රිලාගේ වටේ කැරකෙන සෙසු ඇත්තෝද සිතන්නේ මෙලෙසින්ම බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.
එජාපයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකට ඇත්තේ රටේ ප්‍රශ්ණ වලට විසදුම් සේවිම වැනි ජාතිත වැඩවලට වඩා වැලි කපා පස් කපා හෝ බොරළු ඇද හම්බකරගැනිමටය.
එපමණක් නොව ආණ්ඩුවේ සල්ලි අරන් කරන්නට ඇති ව්‍යාපෘති වලින් සතුටින් ගාන කපාගැනිමටය.
නැතිනම් පාරවල් හදා මේ දේශපාලකයන්ගේ තඩි මුහුණු සහිත නාමපුවරු මේ සියළු තැන් හි දි සිටුවා ලන්නටය.
රාජපක්ෂ රෙජිමය පරදා ලන්නට කිසිදු මැදිහත්විමක් නොකළ මේ බහුතරයක් බලා සිටියේ ජාතියේ නායකයා ලෙසින් සජිත් ප්‍රේමදාස පත්වෙන තුරුය.
ඔගස්ටින් ප්‍රනාන්දු – නාත්තන්ඩිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here