අප්‍රෙල් 21 බෝම්බය නිසා පුපුරා ගිය ජන ජීවිතයේ දුක්බර කථාවක්

0
152

IMG-20191007-WA0030පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව ජාතිවාදී පිරිස් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වූ ආකාරය අපි දැක්කෙමු . මෙම අවස්ථාවේ 40 කට අධික පිරිසක් සහීර් සිටින නිවසට පැමිණියේ ඔවුන්ගේ උමතු ජාත්‍යාලය ප්‍රදර්ශනය කරමින්ය

කටාන , හරශ්චන්ද්‍ර පුර මායිම් පාරේ ජීවත්වන සහීර් දරුවන් පස් දෙනෙකු ගේ පියෙකි . වසර 15 කට වැඩි කාලයක් සිංහල ජනතාව සමඟ සහ සම්බන්ධතාවයකින් කටයුතු කළ ඔහු ගැන දන්නා කව්රුත් ප්‍රශංසා මුඛයෙන් කතා කරති.
ඔවුන් දොර කඩා නිවසට ඇතුළු විය .මේ අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ දරුවන් නිවසේ නොසිටි අතර පැමිණි පිරිස සහීර් ට නිවසින් පිටවන ලෙස අණ කරන ලදී . මෙම තර්ජනය තුළ බියපත්ව සිටි ඔහු හැඳ සිටි ඇඳුම පමණක් ඇතිව නිවසින් පිටවිය .එසේම තමන්ගේ රියදුරු බලපත්‍රය සහ මුදල් පසුම්බිය පවා අමතක විය .
සහීර් නිවසින් පන්නා දැමූ පිරිස නිවසේ තිබුනු ඇඳුම් ආදී සියළු දෑ ඇද දමමින් ,රන් ආභරණ සහ මුදල් රැගෙන ගොස් ඇත .IMG-20191007-WA0032
ඔහුගේ දරුවන් ඉගෙනගත් පාසැල වූයේ ශාන්ත සෙබස්තියන් විදුහලයි. මෙම පාසැලේ අනෙක් සිසුන්ගේ කෙනෙහිලිකම් වලට ඔවුන්ට මුහුණ දීමට සිදුවිය . ඒනිසා දරුවන් එම පාසැලෙන් ඉවත්කර අල්හිලාල් පාසැලට ඇතුලත් කරන ලදී .IMG-20191007-WA0054IMG-20191007-WA0053
IMG-20191007-WA0048සිදුවීම් වල බරපතල කම මේ සිදුවීම් නිර්මාණය කළ වුන්ට නොදැනෙන බව අපි දනිමු . සිදුවීම් පිටුපස සිටි අය වැල්ලේ හිස සඟවා ගත් පැස්බරුන්සේ හැසිරුණු නමුත් ඔවුන් කව්දැයි හඳුනා ගැනිණි .
ඉදිරියට එන මැතිවරණය සමඟ පොහොට්ටුවක් සේ පිපෙන්නට දඟලන මේ අයගේ කැරැට්ටුව දන්නෝ දනිති . මෙහි අවසන් ප්‍රතිඵලයක් ලෙස සහීර්ගේ බිරිඳට හෘදයාබාධයක් හැදින. මේවනවිට ඔහුට නැවත මුලසිට නැගිටින්නට සිදුව ඇත්තේ කිසිදු හව්හරණක් නැතිවය.