අපි ආයේ හයියෙන් යන්නේ නෑ….??

0
237

බස් රථයකින් වැටි මියගිය දැරියකගේ ඡායාරූපයකට බස්රථ රියදුරන් හා සහායකයන්් ලවා වැන්දවිමෙි පුවතක් හලාවත ඉලිප්පදෙනියෙන් වාර්තාවෙි.

ඉකුත් සිකුරාදා (16) පෙරවරුවෙි කුරුණැගල සිට හලාවත බලා ගමන් ගත් පෞද්ගලික බස්රථයකින් ඇද වැටි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු තුවාල ලැබු අතර ඉන් එක් අයෙකු පසුගිය අගහරුවාදා (20) කොළඹ ජාතික රෝහලේදි මියයන ලදී.

අධික වෙිගය මෙි අනතුරු වලට හේතුව බව ප්‍රකාශ කරමින් ඊයේ පෙරවරුවෙි ඉලිප්පදෙනිය ගමිවාසින් උද්ඝෝෂණය කල අතර එහිදි වෙිගයෙන් බස් රථ ධාවනය නොකරන ලෙසට රියදුරන්ගෙන් ඉල්ලා සිටින ලදි.

මෙි උද්ඝෝෂණය අවස්ථාවෙිදි මාර්ගයේ ගමන් ගත් මගි බස්රථ නවත්වා රියදුරන් හා සහයකයන්ට මියගිය දැරියගේ ඡායාරූපයට වැද ගෞරව කර මිට පසු වෙිගයෙන් ධාවනය නොකරන බවට පොරොන්දුවක්ද ගන්නා ලදි.

ප්‍රසාද් පුර්ණිමාල්.