අපි කිව්වා හරි – ඇමති ලංසාගේ එජාප බඩියෝ අද ලෙඩවෙලා?

0
59

6මෑත ඉතිහාසයේ මීගමුවේ අතිශය වැදගත්ම මහසභා රැස්විම මේ වන විට මීගමුව මහනගර සභාව තුල ක්‍රියාත්මකය.
මීගමුවේ බදු ගෙවන ජනතාවගේ දේපල තනි පවුලක භුක්තියට යටත්ව පැවතිම ගැන අද මේ සභාවේ උණුසුම් කථා බහක් ඇතිවිමට නියමිතය.
මෙම වැදගත් මොහොත යනු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ද එක  හා සමානව හෙළිදරව් කෙරෙනු ඇත.
එනම් මහනගර සභාවට අයත් කඩොල් කැලේ ක්‍රිඩා පිට්ටනිය භුක්තිය එක පවුලක් යටතට ගැනිමට අද ඉඩ දෙනවාද නැද්ද යන්න ප්‍රශ්ණ කෙරෙනු ඇත.
බදු ගෙවන ජනතාව වෙනුවෙන් අද සිය නිසි වගකිම ඉටුකළ යුතු මන්ත්‍රිවරුන්ගේ කෙසේ හැසිරෙන්නේද යන්න ගැන විස්තරාත්මක පුවත් අප හැකි විගසින් අපගේ පාඨකයා වෙත ගෙන එන්නෙමු.
මේ කරුණ අරභයා අප ඊයේ වැදගත් පුවතක් හෙළිදරව් කළෙමු.
එනම් ඇමති ලංසාගේ විවිධ වරප්‍රසාද වලට යටත්ව බදුගෙවන ජනතාවගේ අයිතිවාසිකම් පාවා දෙන එජාප මන්ත්‍රිවරුන් පිරිසක් ගැනය.
මින් තිදෙනෙකු අද දිනයේ ලෙඩවිමට නියමිත බව අප ඊයේම හෙළිකළෙමු.
අපි කිව්වා හරිය.
රවි ජිවානන්ද
සජිත් මෝගන්
නස්මියාර්
අද(2013 ඔක් 08 )මහසභා රැස්විමට පැමිණ නැත.
ඒ අද රැස්විමට නොපැමිණෙන බවට  සිය ඇත්ත හාම්පුතා වන ඇමති නිමල් ලංසාට දැනුම් දි ඇති නිසාය.
මේ අය විසින් පසුගිය කාලය තුල ලබාගෙන ඇති වරදාන අප ඉදිරිෙය්දි විස්තරාත්මක හෙළිකරන්නෙමු.ඒ මීගමුවේ බදු ගෙවන ජනයාගේ දැනගැනිමට මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේද දැනගැනිම සදහාය.
මින් සජිත් මෝගන් පමණක් අද රැස්විමට අසනිපයෙන් සිටින නිසා නොපැමිනෙන බව දන්වා ඇතැයි එහි සිටින අප වාර්ථා කරු පවසා සිටියේය.
මෙයට අමතරව රැස්විම ආරම්භ කොට පැය කාලක් යන තුරුත් එජාප මන්ත්‍රි නිශාන්ත ප්‍රනාන්දු මන්ත්‍රිවරයාද පැමිණ සිටියේ නැත.