‘ අපි කුඩා ළමුන්ය’ පොත දොරට වැඩීම

0
277

නාම්  සිරුවර්හල් ( අපි කුඩා ළමුන්ය) දෙමළ භාෂාවෙන් පලවු පොත දොරට වැඩිම   2013  ඔක්තෝබර් 08 වනදා  මිගමුව පෙරියාමුල්ල රශාඩ් උත්සව ශාලාවේදි  පැවැත්විණි.  මෙම උත්සවය පුජක තුමන් සහ විදවතුන් ගේද සහභාගිත්වයෙන් සිදුවිය. සංවිධානය කරනු ලැබු අශ්ෂේක් අබුල් හසන් අල් නදවි ඇකඩමිය සහා අල් තයියබා සුභසාධක සංවිධානය මගිනි.  මෙම පොත මිගමුව ක්ලෙවර්  ප්‍රකාශනයකි.
උත්සවයේ පිළිගැනිමේ කතාව උඛෙදුල්ලාහ් (මුෆ්ති) තුමා විසින්ද මෙම පොත ගැන හැදින්විම කොළඹ විශ්ව විද්ද්‍යාලයේ ජෙෂ්ඨ කතිතාචාර්ය ශබිර් මුහ්සින් මහතා විසින් සිදුකරන ලදී.  එමෙන්ම ස්තූති කතාව , මෙම කෘතිය ලියන ලද තුන් සොහොයුරන්ගේ පියා වන කොළඹ වීශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවුත් (යුනානි) බොරැල්ල  ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය රෝහලේ  ළමා සහ ස්ත්‍රී රෝගී අංශයේ සහය වෛද්‍ය උපදේසක ෆසලුල් හක් මහතා විසින් සිදුකරන ලදී.
මෙම කෘතිය ලියන එකම පවුලේ සොහයුරන් තිදෙනා වන්නෙ එෆ්. එච්. ඒ. ෆතාහ්  (අවු13)  එෆ්. එච්. ෆහ්මාන් (අවු12)  සහ එෆ්. එච්. ෆාකීහ් (අවු 10)  මේ පිරිමි දරුවන් ඉගෙණුම ලබන්නේ මිගමුව අල් හිලාල් මධ්‍ය මහ විදුහලේය. එම  විදුහලේ සෞඛ්‍ය විෂය භාර ආචාරිණි  එම්. යු. එෆ්  නස්රින් මහත්මිය විසින් අධික්ශනය කරන ලදි සැම වසරකම රමලාන් උපවාස දිනයන්හි පාසැල් නිවාඩු ලැඛෙන අවස්ථාවේ තම දරුවන් හට පොතක් ලියන්නට පැවරුමක් දෙන බවත් ඒ ඔස්සේ ඔවුන් තෝරාගත් මාතෘකාව දින 30  ඇතුලත මෙය ලියා  විදුහලේ ආචාරිනි නස්රින් මහත්මිය පෙන්විමෙන් අනතුරුව මෙය පොතක් දක්වා නිර්මාණය කර , රූප සටහන් ඇද එළි දක්වන්නට උපදෙස් දි තිබේ.
මෙම පොතෙහි පටුන (අන්තර්ගතයන්)
ළමයා යනු කවරෙක්ද
අප වසන පරිසරය සහ නිවසේ පරිසරය කෙසේ තිබිය යුතුද ?

හොද මිතුරන් තෝරා ගන්නෙ කෙසේද ?
ප්‍රයොජනය වත් විනෝදාංශය කවරේද ?
කුඩා දරුවන් වන අපි  අපව කෙසේ ආරක්ෂා කරගත යුතුවේද ?
ළමුන් සදහා නිරෝගිමත්  ජිවිතයට මග
අපේ අධ්‍යාපනයට ඇති බාධා හදුනා ගනිමු
කෝපය පාලනය කරගන්නේ කෙසේද ?
SAM_5713
SAM_5720SAM_5735new
ඡායා සහ සටහන  –   සුජාඉල් මුනිර්