අපි තමයි හොදටම පරක්කුවෙලා කළේ ?

0
268

කොරෝනා හමුවේ රට අර්බුදයක් කරා ගමන් කරමින් සිටියදි විද්‍යාව පැත්තට දමා මිත්‍යාව කරපින්නාගෙන එන්නකරණය කඩිනමින් විධිමත්ව පටන් ගන්නවා වෙනුවට ධම්මික පැණිය උඩ දමමින් කටයුතු කළ රජය දැන් කයිවාරු ගසන්නේ දිනකට වැඩිම එන්නත ලබාදෙන ලෝකයේ ප්‍රධාන රටක් බව කියමිනි.

විද්‍යාව අතහැර මිත්‍යාව බදාගත් පාලකයෝ

සෞඛ්‍ය ඇමතිවරිය කඩිනමින් එන්නත ලබාගෙන ජනතාව බේරාගැනිමට කටයුතු කළ යුතුව තිබියදි ඇයද මුට්ටි ගගේ යවමින් මිත්‍යාවටම ගියේය.
එසේ විද්‍යාව පසෙක තබා මිත්‍යාව කරපින්නාගත් ලෝකයේ එකම පාලකයන් සිටින රට ලෙසින් නම් ලංකාව කප් ගසා ඇතිවාට සැක නැත.
ලෝකයේ එන්නත්කරණ වැඩසටහනේදි බොහොමයක් රටවල් වල පළමු ප්‍රමුඛතාවය ලැබුනේ වැඩිහිටියන් වෙතය.
එහෙත් ලංකාවේදි එය සිදුවයේ නැත.එම නිසාම පසුගිය කාලය පුරාම කොරෝනා ආසාදනය විමෙන් මිය ගිය බහුතරයක් දෙනා වයස්ගත වුවන් ලෙසින් වාර්තා වෙද්දි ඒ අයට කල ඇතිව එන්නත ලබාදි තිබුනේ එ ජිවිත බේරාගැනිමට හැකියාවක් තිබුණ බවට බරපතල චෝදනාවක්ද මේ වන විට රජයට එල්ල වි තිබේ.

මේ අතර කොරොනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදී ඇතත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇත්තේ මරණයට පත් වූවන්  එන්නත්කරණයට ලක්වී නොමැති නිසා යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.‌

කලින්ම එන්නත ලබාදිමට රජය කටයුතු නොකලේ ඇයි ?

මරණයට පත් වූවන්ගේ දත්ත විශ්ලේෂණය කිරීමේ දී ඔවුන්ගෙන් සියයට අනූ හයක්ම කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගෙන ඇති බව තහවුරු වී ඇතැයි අද (31දා) කුණ්ඩසාලේ දී මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
මේ ප්‍රකාශයෙන් පවා ඉතා පැහැදිලි වන්නේ ජනාධිපති තුමා කියු ලෙස අපි තමයි හොදටම කලේ යන්නට වඩා අපි තමයි හොදටම පරක්කු වෙලා කළේ යන්න මොනවට පැහැදිලි වෙමින් තිබේ.

වාර්තා ගැන පම්පෝරි


දිනකට එන්නත් මාත්‍රා පන් ලක්ෂ තිස් දහසක් ලබා දී ආසියාකරයේ වාර්ථාවක් තැබීමට  ශ්‍රී ලංකාවට හැකිවී ඇතැයි කී අමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් දිනකට එන්නත් ලක්ෂයකට අධික මාත්‍රා ප්‍රමාණයක් ලබා දී ඇතැයි ද ප්‍රකාශ කර තිබුණද සැබැවින්ම විද්‍යාව පසෙක තබා පැණි වඩි , මුට්ටි කරපින්නා ගෙන සිදුකරන්නට යෙදුන මිත්‍යා වේ ආදිනව නිසා මිනිසුන්ට මේ වන විට සිය ජිවිත වලින්ම වන්දි ගෙවන්නට සිදුව තිබේ.