අපි බලෙන් හරි කුණු දානවා.ඉඩම් නොදුන්නොත් බලෙන් ගන්නවා.ඇමති නිමල් ලංසා

0
222

සැලසුමකින්  තොරව ක්‍රියාත්මක නගර සංවර්ධන වැඩපිළිවෙල නිසා මීගමුව දැන් අර්බුදයට ගොස් ඇත.විශේෂයෙන්ම කුණු කසල ඉවත් කිරිම ටෙන්ඩර් කළ නගර සභා පාලනය එහි වු ටෙන්ඩර් කොන්දේසි ගැන කිසිදු වගක් ගත්තේ නැත.

ටෙන්ඩර් කරු තමන්ගේ මුදල් ඉතුරු කිරිම සදහා කුණු විතරක් බාති. බොරළු  නොදමති. මින් කිපුණු ජනයා අද දිනයේ මෙයට විරෝධය පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට නගරාධිපතිවරයා සහ ඇමති නිමල් ලංසා පැමිණෙන තෙක් බලා සිට ඉවත් ව ගිය පසු අද දවල් 12.30 ට පමණ එහි පැමිණ ඇමති නිමල් ලංසා සහ නගරාධිපතිවරයා පල්ලන්සේන මිසම්සේවක පියතුමා ඇතළු රැස්වු ජනතාවට පවසා ඇත්තේ අපි බලෙන් හරි කුණු දානවා ඉඩම් නොදුන්නොත් බලෙන් ගන්නවා යනුවෙනි.

තමන්ගේ ඉල්ලිම් වලට නිසි පිලිතුරු නොලැබනේනේ නම් නිතිය හමුවට තමන්ගෙ ප්‍රශ්ණය ගෙන යාමට සිදුවන බව අප කළ විමසුමකදි පවසා සිටියහ..