අපේ කොරල් පර මරා දැම්මේ කව්ද?

0
91
මීගමුවේ කොරල් පර

මොර වල 

(1.00 pm ) මීගමුව සංචාරක පුරවරයක් ලෙස ලංකාව පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් නගරයකි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙහි තිබෙන ස්වාභාවික පරිසරයයි .ස්වාභාවික පරිසරයට අදාලව ගොඩබිම ඇති ශාඛ සහ සත්ව කොට්ඨාශයත් , මුහුදේදී එහිඇති කොරල්පර සහ වෙනත් ශාඛ වර්ගත් අයත්වේ
අද මේ නගරයේ ගොඩබිම තිබෙන ලොකු, කුඩා ශාඛ විනාශ කරමින් පවතී. එසේම මුහුදේ තිබෙන ජලජ ශාඛ වල ඉරණමද එම තත්වයේම බව මේවනවිට පැහැදිළිය.

මීගමුවේ කොරල් පර
මීගමුවේ කොරල් පර

අප මෙසේ පවසන්නේ දෙස් විදෙස් සංචාරකයින් පැමිණ විනෝදවන ස්ථානයක් වු මෝරවල අපිරිසිදු තැනක් බවට පත්වෙමින් ඇති නිසාය.මේ පිළිබඳව අවධානයෙන් සිටින සමස්තලංකා ධීවර ජනතාවගේ වෘතිය සංගමයේ සභාපති සහ එක්සත් ධීවර සමීතියේ සභාපති වන අරුණ මහතා සහන් කරන්නේ මෝරවලේ තිබෙන කොරල්පර මේවනවිට මැරී ඇතිබවයි. ඳ
ඒ අනුව විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදට සහ කලපුවට බැහැර කිරීම ප්‍රධාන හේතුව වන අතර කරවල වාඩිවලින් බෝට්ටුවල පටවා ගෙනැවිත් දමන මාළුන්ගේ කොටස් ,රබර් ග්ලව්ස් ආදියෙන් මුහුද සහ කලපුව අපවිත්‍ර වන බවයි.
මේවායේ ප්‍රතිපලයක් වශයෙන් කොරල්පර කළුපැහැ ගැන්වී ඇතිබව අරුණ මහතා සහන් කරයි. ඔහු පවසන්නේ මේවා ගැන සොයා බලන බලධාරීන්ට කිසිදු හැගීමක් නැතිකල අප කුමක් කරන්නද කියාය. විශාල පරිමාණයෙන් ඉහතකී අපද්‍රව්‍ය බැහැර කරන්නේ අතමිට ඇති අය හෙයින් මුදලේ බලය පෙන්වා තමන්ගේ මඩිය පුරවා ගනිති. පොදු දේපල වලට කුමක් සිදුවුවත් මේඅයට කම්නැත. වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි මේ අමාරුව, කියා නිහව සිටීමටද නොහැක.