“අපේ දරුවන් කෝ?” – ලෝක ළමා දිනයේ දී උතුරේ අම්මලා ආණ්ඩුවෙන් අසති

0
77
sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
ආණ්ඩුව ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ආයතන දකුණේ උත්කර්ෂයෙන් සමරන ලෝක ළමා දිනයේ යුද්ධයේදී අතුරුදහන් කරනු ලැබූ දරුවන් හා පියවරුන් ඉල්ලා නගන හඬ උතුර පුරා නැගී තිබේ.දස අවුරුද්දකට ඉහතදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත බාරදීමෙන් පසු ආගිය අතක් නැති දෙමාපියන් හා දරුවන් සොයා දෙන ලෙස ඉල්ලා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් විසින් යාපනය, මුලතිව් සහ වවුනියාවේ විරෝධතා පවත්වා ඇත.

“අපේ දරුවන් කෝ?” යනුවෙන් ලියවුනු පුවරු රැගත් වැඩිහිටියන් මෙන්ම “අපේ අප්පලා කෝ?”  කියා හඬ නගන දරුවන්ද වීදියට බස සිටි බව උතුරෙන් වාර්තාවේ.

දෙමළ මව්වරුන් විසින් පසුගිය අවුරුද්දේ ලෝක ළමා දිනය වෙනුවෙන් එළිදක්වන ලද වාර්තාවකට අනුව යුද්ධාවසනයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ බාරයට පත් වු ළමුන් 29 දෙනකු අද වනතුරු ආගිය අතක් නැත.

දෙමළ මව්වරුන් විසින් පසුගිය අවුරුද්දේ ලෝක ළමා දිනය වෙනුවෙන් එළිදක්වන ලද වාර්තාවකට අනුව යුද්ධාවසනයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ බාරයට පත් වු ළමුන් 29 දෙනකු අද වනතුරු ආගිය අතක් නැත.

එම දරුවන්ගේ වයස අවුරුදු 14 අඩු බවයි “ශ්‍රී ලංකාවේ අතුරුදහන් වු දරුවෝ” මැයෙන් නිකුත් කරන ලද  වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අතරින් බාලම දැරිය යුද්ධය අවසන් යැයි ශ්‍රී ලංකා රජය නිවේදනය කළ දවසට පෙර දා හමුදාව වෙත බාර දුන් අට මස් හැවිරිදි මහලිංගම් එළිලිනී බිළිඳියයි.

ඇය සමග බාරවූ ඇයගේ මව, පියා සහ සොහොයුරින් දෙදෙනා ද අදත් ආගිය අතක් නැත.

නැගෙනහිර පළාතෙන් අතුරුදහන් වූ දරුවන් දෙදෙනකු හැරෙන්නට, සෙසු ළමුන් 27 දෙනාම අතුරුදහන්ව ඇත්තේ ඔවුන්ගේ පවුල් එකම දිනක දී ශ්‍රී ලංකා හමුදාවන්ට යටත් වීමෙන් පසු ය.

”ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම දරුවන් පිරිසක් එකම දිනක සිදුවූ අතුරුදහන් වීම මෙය විය හැකි බවට විශ්වාසය කෙරේ.”
ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම දරුවන් පිරිසක් එකම දිනක සිදුවූ අතුරුදහන් වීම මෙය විය හැකි බවට විශ්වාසය කෙරේ.

යුද සමයේ බලගතු ආරක්ෂක ලේකම්ව සිටි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ  යුද්ධයේදී  අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

 

Jaffna

Mullaitivu

vavunia 2
theleader.lk