‘‘හේ ලකඩි හේලෝ, හේල හෙලේ හේලෝ, හේ ලකඩි හේලෝ ’’ මීගමුවට ආවේණික මා දැල් හම්බාවක මිහිරි තනුවක් … මාව අතීතයට කැඳවාගෙන ගියා. දේහදාරී ප‍්‍රතාපවත් ගරු පියතුමකුව වේදිකාවට කැඳවමින් කලහකාරී, ඝෝෂාකාරී සංගීතයෙන් මිදුන ”ගොන්සාල්වෙස්” නාට්‍යයට මම සමාධිගත වුනෙමි. ඉකුත් 27 දා මීගමු පුරහලේ දී ප‍්‍රභාත් ආලෝක අලූත් යමක් කතෝලික කාටත්, පොදුවේ හෙළයින්ටත් මතක්කර තිබුණ බවක් පෙනේ. බොදුනු කිතුනු එකතුවක සහෘද ලබැඳියාව එනයින් පැන නැගුන අපූර්ව අත්දැකීම් ”ගොන්සාල්වෙස් ” නාට්‍යයට විෂය වූ කරුණු අතර විය. නරේන්‍ද්‍රසිංහ රජ සමයේ ලන්දේසි ආක‍්‍රමණයෙන් බැට කෑ කතෝලිකයන්ට පිළිසරණ අහිමි වූ යුගයක, ගෝවෙන් බට ගරු ගොන්සාල්වෙස් පියතුමා හෙළයන්ට සමීප වූ අයුරුත් ලක්වැසි සැමට සේවය කළ අයුරුත් අපූර්වට වේදිකා ගත කර තිබිණි. ගොන්සාල්වෙස් පියතුමන්ගේ අනුශාසකත්වයෙන් ඔද වැඩුණ කතෝලිකයින් පන්සලේ ආභාෂයෙන් ලද භාෂා ඥානය ගුරු කොට ”දුක් ප‍්‍රාප්ති ප‍්‍රසංගයක්” රඟ දැක්වූ අයුරු මීගමුව පුරහලේ සංයමයෙන් ප‍්‍රති නිර්මාණය කරන්නට සමත්ව තිබුණි. එදා දුක් ප‍්‍රාප්ති ප‍්‍රසංගය ඉව වැටුන කෲර ලන්දේසීන් සුරුවම්, රූකඩ පොඩි පට්ටම් කරමින් කතෝලිකයන්ට කළ වින්නැහිය ”සර්ව දයාබර වූ ජේසුනී” සම්ප‍්‍රදායික කතෝලික ගීතිකාව ගුරු කොට පුරහල වේදිකාවේ ප‍්‍රති නිර්මාණය කරන්නට අධ්‍යක්‍ෂවරයා සමත් වී තිබුණි. ගිහි පැවිදි බොහෝ අය තාන්න මාන්න ලොකුකම් තම සිහින කරගත්තේ එදා පමණක් නොවේ. සේවය දෙවනුව සමහර විට සම්පූර්ණයෙන් පසෙකලා තම පම්පෝරිය, තම කම මතු කරන්න තතනන යුගයක ගොන්සාල්වෙස් පියගේ ආදර්ශය අදටත් වලංගු බව පෙළ රචකයා කියාදීමට උත්සහ ගෙන තිබුණි. නරේන්‍ද්‍රසිංහ රජ පුදන ලද රජ වාසලේ උපදේශක තනතුර, සංගීතයේ කෙල පැමිණි එතුමාට රාජකීය ගාන්ධර්වයා වීමේ අවස්ථාව, කතෝලික සභාවේ අනුනායකකම ආදී පට්ටම් පසෙක ලන අයුරු ගොන්සාල්වෙස් පියතුමාගේ සිහිනය තුලින් අපූර්ව ලෙස රංග ගත කර තිබුණි. ආධුනිකත්වය පළ කළ චරිත නාට්‍යයේ තිබුණ ද ‘පීටර්’, ‘පූරක’, ‘ආරච්චිල’ වැනි චරිත පැසසුම් සහගතයි.
සුසන්ත කාරියකරවන සංගීතඥයා තම ප‍්‍රවීණත්වය මැනවින් පළ කළ අපූර්ව සංගීත ඛණ්ඩ ”ගොන්සාල්වෙස්” අරුත් ගන්වන්නට සමත් වී තිඛිණි. එමෙන්ම කතෝලික නාඩගම් වල ගරු ගොන්සාල්වෙස් පියතුමාගේම රාගතාල භාවිතා කිරීමෙන් අපේකම ආරක්‍ෂා කරන්නට අධ්‍යක්‍ෂ වරයා මෙන්ම සංගීත අධ්‍යක්‍ෂවරයා ද සමත්ව ඇත. මීගමුව කලා කෙතේ අසුවැද්දුන කලාකෘති අතර රජතුන් කට්ටුව, පාස්කුව, ජොහානා කතාව ස්නුග්ගෙ කතාව, සෙබස්තියන් කතාව ආදිය අදත් මුවග රැුව් දෙයි. අතලොස්සක් වූ එවැනි කතෝලික කලා කෘති වලින් හෙබි සාහිත්‍ය පෝෂණයට ප‍්‍රභාත් ආලෝකගේ ”ගොන්සාල්වෙස් ” නාට්‍ය ආලෝක ප‍්‍රභවයක් වීම වැලැක්විය නො හැකිය. සොල්දාදුවන්ගේ සහ රජ වාසල ඇත්තන්ගේ ඇඳුම් නිර්මාණයන් ගැන වඩාත් උත්සුක වූයේ නම් මැනවින් යැයි මගේ සිත කියයි. නාට්‍යයේ ඇවැසි තැනට ඇවැසි ලෙස යෙ¥ නර්තනයන් නාට්‍ය අරුත් හැඩ ගන්වන්නට දායක වී ඇත. ගොන්සාල්වෙස් පියතුමන් බොදුනු ස්වාමින් වහන්සේ හමුවන ජවනිකාව අපූර්ව ලෙස නිර්මාණය කර ඇතිවග එහි යොදා ඇති වාග් සවභාවය සාක්‍ෂි දෙයි.
”දවල් දානය දෙනමයි. ? දානය එක නමයි” වේදිකාවේ හාමුදුරුවන් ප‍්‍රකාශ කරන උක්ත වාක්‍ය ඛාණ්ඩය හඬගා කියන්නේ විදෙස් රටින් බට ගොන්සාල්වෙස් පියනම කෙතරම් පල්ලියට මෙන්ම පන්සලට ද සමීප වූ වග නොවේද ? සිරිලකට අපේකමට මුල් තැන දුන් වග නොවේ ද ? ගොන්සාල්වෙස් පියතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ගම්වාසී සැමගේ දායකත්වයෙන් සැදුන දේවස්ථානයේ දෙව්මව් පිළිරුව තැන්පත් කිරීමේ මංගල උත්සවය ඉතාමත් සංයමයෙන් ජවනිකාවක් ලෙස වුව ද භක්තිය දනවන අයුරින් සිදුකර තිබිණි. එම දර්ශනයට සේසත් එකතු කිරීමෙන් හෙළකමට මුල්තැන දෙන ගොන්සාල්වෙස් චරිතය පේ‍්‍රක්‍ෂක සිත් සතන් තුල තැන්පත් වනු ඇත.
වෘත්තියෙන් ඉංග‍්‍රීසි වෛද්‍යවරයෙක් වුව ද ආලෝක හොඳ හෙළයෙක් වග ගොන්සාල්වෙස් චරිතයේ හෙළ කමින් විද්‍යාමාන වනු ඇත. ඔහු ප‍්‍රමුඛ පාත‍්‍ර වර්ගයා අසන පැනයට මම නිරුත්තර වීමි. ”එදා ඒ රූකඩ වලට පණ දෙමින් සැබෑ වූ මිනිසුන් සිටියා. මෙදා අප පණ ඇතත් ඒ රූකඩ ලෙසම වන්නේ ද ? ” පූරකගේ හඬ තවමත් මගේ හද තුල දෝංකාර දෙයි. පූරක ප‍්‍රමුඛ පාත‍්‍ර වර්ගයා නාට්‍ය අවසානයේ අසන පැනය අවසන් ලෙස අපි අපෙන්ම ඇසිය යුතුව ඇත. ”ගොන්සාල්වෙස් පියනම ගිය මාවත වැසුනා ද ? ගොන්සාල්වෙස් පියනම ගිය මාවත වැසුවා ද ?” කතෝලික අපි කවුරුත් මෙයට පිළිතුරක් සෙවිය යුතු කාලය උදා වී ඇත.