අභියෝග සමග ජිවිතයට මුහුණ දෙන ධාවකයා නෙඩ් ඩැනියල්

0
168

banner-ned1මම අභියොග වලට කැමතියි.ඒවා තමයි මට ජිවිතය ජය ගන්න හයියක් වෙන්නෙ.” නෙඩ් ඩැනියල් කතාව පටන් ගත්තේ මෙහෙමයි. සැබවින්ම ඔහු අති සුපිරි ධාවකයෙක්. මෙතෙක් කාලයක් සහාභාගිවු තරග වලින් 98%කට වඩා ඔහු ජය ගෙන තිබේනවා. මෙරට පමණක් නොව විදේශිය තරග රුසකටද සහභාගි වී ඇතත් මැතක සිට නෙඩ් ඩැනියල්ව ධාවන පථයේදි දකින්න ලැබුනේ නැහැ. ඒ නිසාම moto book කණ්ඩායම නෙඩ් ඩැනියල් සොයා ඔහුගේ ෆැරන් හයිට් ඉන්ජිනියරින් ආයතනය වෙත ගියා.

moto book: නෙඩ් ඩැනියල් කියන්නේ කවුද ?

සාධාරන පුද්ගලයෙක් තමා නෙඩ් ඩැනියල් කියන්නේ. මම අභියොග වලට කැමතියි. ඒවා තමයි මට ජිවිතය ජය ගන්න හයියක් වෙන්නේ.

moto book: ඔබේ ක්‍රීඩා දිවිය ඇරබුනේ කොයි විදියටද ?

2008 තමා මම රේස් පදින්න ගත්තේ.එකට මුලිකම හේතුව වුනේ මගේ ඇගේ තිබුන වේගයයි.ඒ මොකද කිව්වොත් මම මගේ ඇගේ තිබුන වේගය පිට කරන්න ට්‍රැක් එක යොදා ගත්තා.2008 පන්නල තිබුන තරගයට තමයි මම මුලින්ම සහභාගි වුනේ.එකෙන් මම ප්‍රථම ස්ථානය දිනා ගත්තා.

moto book: ඇයි මේ ක්‍රීඩාව සදහම යොමු වුනේ ?

ක්‍රිකට් තමයි මම මුලින් තොර ගත්ත ක්‍රීඩාව. එත් එකේ රැදිලා ඉන්න බැරි වුනා. පස්සේ රේස් වලට අවා. දැන් දිගටම රේස් පදිනවා. එක තමා ඇගේ තියෙන්නේ.

ned-10

moto book: මෙතෙක් සහභාගි වි ඇති දෙස් විදෙස් තරග මොනවාද ?

ලංකාව තුල විශාල තරග ගනනකට සහභාගි වෙලා තියනවා. එයින් 98%ක් විතර දිනලා තියනවා. නයිට් රේස් වලට ගියා. ඊට අමතරව චීනය, ජපානය, තායිලන්තය, ඉන්දුනිසියාව, මැලේසියාව, පීලිපිනය ඇතුළු රටවල් 9ක විතර තරග කරලා තියනවා.

Moto book: නෙඩ්ගේ තරග කාණ්ඩය මොකක්ද ?

1000CC open event සහා 450CC super moto සුපර් මොටො වලට තමා මම ගොඩක් කැමති. මගේ බයික් එක සුපර් බයික්.

moto book: ලංකාවේ හා වෙනත් රටවල පැවැත්වෙන තරග ගුණාත්මකභාවය ඔබ දකින්නේ කොහොමද ?

පිටරට වල පවත්වන තරග ගත්තාම ඔවුන් අපට වඩා සැහෙන්න ඉදිරියෙන් ඉන්නවා.ලංකාවේ රේස් කියන්නේ විනොදංශයක් විතරයි.එත් ඒ රටවල මේක වෘත්තිය මට්ටමේන් සිදුවෙන්නක්.ලංකාවේ අපට කිසිම අනුග්‍රහකයෙක්වත් නැහැ.

moto book:එසේනම් ලංකාව තුළ වෙනස් විය යුතු දෙවල් මොනවාද ?

මුලින්ම වීනය හදන්න ඕනා. අඩු තරම්න් දැන් තියන තත්ත්වයට වඩා10%ක් වත් හොද විය යුතුයි. ලංකාවේ දැනට තියන ක්‍රීඩා වලින් ක්‍රීඩකයෙක් වැඩිම මුදලන් වැය කරන එකම ක්‍රීඩා රේස්. ඒ නිසා නිසි බලධාරින්ගේ අවධානය යොමු විය යුතුයි. ජත්‍යන්තර තරග තියන්න පුළුවන් මට්ටමට ගේන්න හැකියි නම් මීට වඩා දියුනු වේවි කියලා හිතනවා.

moto book: නෙඩ්ගේ පවුලේ විස්තර මොනවාද ?

මගේ පවුලේ ඉන්නේ තාත්තා නිල් ඩැනියල්, අම්මා ෂෙරොන් ඩැනියල්, මල්ලී ෂොයෙල් ඩැනියන්. එයත් රේස් පදිනවා.

moto book: දැන් තරග වලින් ඉවත් වෙලා ඉන්නේ ඇයි ? කලකිරිමක් නිසාද ?

මට හිතුනා දැන් මගේ කාලේ ඉවරයි කියලා.මොකද වගකීම් වැඩි වුන නිසා වේගයෙන් ධාවනය කරන්න හිත ඉඩදෙන්නැ.ඒනිසා විරාමයක් ගත්තා.මල්ලීට අත දෙනවා පුළුවන් තරම් ඉදිරියට යන්න.

moto book: මෙම ක්‍රීඩාවේ නියැලිමට ඔබට ඇති ආර්ථික ස්ථාවරය කුමක්ද ?

තාත්තා තමා මුලින්ම උදව් කලේ. දැනට මගේ ව්‍යපාරයක් කරනවා. ඒ ෆැරන් හයිට් ඉන්ජිනියරින්. ඊට අමතරව 2012/2013 වසර වල TVS ආයතනය අනුග්‍රහය දැක්වුවා.

moto book: ක්‍රීඩකයන් හා ඔබ අතර ඇති සහයෝගි සම්බන්ධය මොන වගේද ?

හොද සහායොගයක් තියනවා. තරග කලා වුනාට හැමවේලේම එකිනෙකාට උදව් කරනව. එක පාරක් මම පන්නල රේස් එකකදි වැටුනා. එතනදි ශ්‍රියාන් සැමුවෙල් තරගය නවතා මට උදව් කලා. 2013 දි නයිට් රේස් එකෙදිත් මම වැටුනා. මමයි මල්ලීයි දෙන්නාම එකම ඉවෙන්ට් එකට හිටියා. වැටුනා වුනත් මම එකෙන් ජය ගත්තා. ඔය විදියට හැමොම අවශ්‍ය වෙලාවට උදව් කර ගන්නවා. තරගය දිනන හැටිම විතරක් හිතන්නැ හොද වීනය ගරුක ක්‍රීඩකයෙක්.

ned-07

moto book: නවක ක්‍රීඩකයින් ගැන මොනවද හිතන්නේ ?

නවක් ක්‍රීඩකයින් ගැන ගොඩක් සතුටුයි. හොද හැකියවන් තියන නවකයො ඉන්නවා. කළුතර ශිවංක පිලිප් එහෙම හොද දක්ෂතා ඉතා කෙටි කලකින් පෙන්වු ධාවකයෙක්.

moto book: ක්‍රීඩකයින් හා ක්‍රීඩාව වෙනුවෙන් ඔබට යමක් කළ හැකිද ?

මට තනිව කල හැකි කිසිවක් නැති වුනත් සාමුහිකව කල හැකි දේ බොහෝ තියනවා. ජත්‍යන්තරයත් සමග එකතු වී ක්‍රීඩකයින් පුහුණු වැඩපිළිවෙලක් සැදිම කල හැකියි. එක තමා මුලික දේ. ලංකාවට ලොකු අඩුවක් හොද පුහුණුකරුවෙක්.

moto book: මෙතෙක් පැමිණි දුර වෙන්වෙන් ඔබ ස්තුති කළයුත්තේ කා හටද ?

තාත්තාට තමා මුලින්ම ස්තුති කරන්න ඕනා. මේ තරම් ජයග්‍රහන අරගෙන මේච්චර දුරක් ආවේ තාත්තා නිසා. මගේ බයික් එක හදලා දෙන වෙන්නප්පුවේ නිශාන්ත අංකල් ඇතුළු පවුලේ අයත් මගේ යාළුවො හැමොටමත් ගොඩක් ස්තුතියි.

moto book: විවාහය ගැන මොකද හිතන්නේ නෙඩ් ?

ලගදිම විවහා වෙන්න හිතාගෙන ඉන්නවා. මට එයාව හමුවුනේ කැන්ඩි නයිට් රේස් එකෙදියි. වසර 4ක් දැන් අපි ආදරේ කරනවා. ඇය ඔනේලා ප්‍රනාන්දු.

moto book: නෙඩ්ගේ අනාගත සැලසුම් මොනවාද ?

හොදින් ජිවත් විම තමා ලොකුම සැලසුම. ඉදිරියෙදි ක්‍රීඩාවට එන්නත් අදහසක් තියනවා.සුපිරි ධාවක නෙඩ් ඩැනියල්ගේ සිහින සැබැ වන සුභ අනාගතයකට MOTO BOOK වෙතින් සුභ පැතුම්………!!!

සටහන: අකිලා නදිශානි
www.motobook.lk