අයවැය නීති,රෙගුලාසි නොදන්නා මීගමු නගරාධිපතිට නාගරික මන්ත්‍රිවරයෙකුගෙන් අපුරු පාඩමක් ( විඩියෝ )

0
87

dayan lansa mayor( 3.55 pm ) මිගමුව මහසභාවේ අද රැස්විම තරමක් උණුසුම් ස්වරුපයක් ගෙන තිබුනේ අයවැය නිති රෙගුලාසි සහ සම්මුතින් පිළිබදව නගරාධිපති දයාන් ලංසාගේ පැවැති  නොදැනුවත්කම අරබයා විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් මතුකරන්නට යෙදුන ප්‍රශ්ණ මුල්කොට ගෙනය.
මෙහිදි මුලින්ම ප්‍රශ්ණ කිරිම අරභා තිබුනේ මිගමුව මහනගර සභාවේ විපක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වන කැලිසන් ජයකොඩිය.
අයවැය නිති රෙගුලාසි වලට අනුව අයවැය විවාදයට  ගැනිම පෙර මහසභාවකට ඉදිරිපත් කොට සභා සම්මුතියක් ලබාගතයුතුව තිබේ
එහෙත් අද පැවති මහසභාවේදි ඒ ගැන කිසිවක් න්‍යාය පත්‍රයට පවා ඇතුලත්ව තිබුනේ නැත.

kali 2

එබැවින් කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා සිය අත්දැකිම්ද සමගින් මතුකරන්නට යෙදුන ප්‍රශ්ණයට සුපුරුදු පරිද චණ්ඩි පාට් දමා පිලිතුරු දෙන්නට ගිය නගරාධිපති දයාන් ලංසා තමන්ගේ නොදැනුවත්කම  සිය කැමැත්තෙන්ම ප්‍රසිද්ධියේම පෙන්වාගෙන තිබුණි

කැලිසන් මන්ත්‍රිවරයාට සද්දේ දමා පාට් දැමු නගරාධිපති දයාන් ලංසාට කටවහන්නම  පිළිතුරු දිමට ඊළඟට ඉදිරිපත්ව තිබුනේ මහනගර සභාවේ තවත් ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකි.
ඔහු  පළාත් පාලන නිති රිති පිළිබදව හසල දැනුමක් ඇති අයෙකුද විය.
පසුව ඔහු විසින් නගරාධිපති දයාන් ලංසාට පමණක් නොව පළාත් පාලන නිතිය නොදන්නා නිළධාරින්ටද  අපුරු පාඩමක් කියා දි තිබුණි.
මහ සභා රැස්විමකදි අදහස් ප්‍රකාශක කළහැක්කේ නගරාධිපති,උපනගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් හට පමණි. ඒ ගැනවත් නොදන්නා නගරාධිපති දයාන් ලංසා මහනගර සභාවේ ලේකම්වරයාට අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබාදි තිබුණි.
එසේ කරන්නේ නම් එය කාරක සභා අවස්ථාවක් බවට පත්කලයුුතුව තිබේ.kapila 2
මේ අනුව ලේකම් මෙන්ම නගරාධිපතිද පළාත් පලාන නිතිය ගැන මෙලෝ මළ බෝලයක් නොදන්නා අය ලෙසින් අද පච වි තිබුණි.

මේ අනුව කපිල නන්දසුලෝචන මන්ත්‍රිවරයාගේ කරුණු පැහැදිලි කිරිම හමුවේ නගරාධිපතිවරයාගේ  මුහුණ පරලව ගොස් තිබුනේ තමන්ගේ නොදන්නාකම  ප්‍රසිද්ධියේම ප්‍රකාශ වි තිබිම නිසාය
එපමණක් නොව වැල්ලවිදියෙන් පත්වු නවක මන්ත්‍රිවරයාගේ පිරිවරද  අද මහජන ගැලරියට පැමිණි තිබිම නිසා නගරාධිපතිවරයා මහත්සේ අපහසුවට පත්ව තිබුනේ ඒ සියළු දෙනාම නගරාධිපති දයාන් ලංසාගේ ගමේ අයද විම නිසාය.