අයිබ්‍රෝ පැන්සලෙන් හොරු මාට්ටු

0
58

20160612_13190420160612_13183920160612_132003ඡායාරූප – පියපේම මාණික්කරත්න

සංවිධානාත්මක හොර කල්ලියක් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළද සැල් වලට ගොස් එම වෙළද සැල්වලින් වංචනිකව මුදල් ගන්නා පුද්ගලයින් තිදෙනෙකු ඊයේ 12 උදැසන මිගමුව පොලිිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඔ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩි මිහිලාන් 33 අබිදූල් රහුමාන් (30) යන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයන් දෙදෛනෙකි.
ප්‍රධාන සැකකරුවන් මොහොමඩි අමින් නැමති පුද්ගලයින් තිදෙනාය.
මෙම සැකකරුවන් තිදෙනා කුලී පදනම මත ගන්නා ලද කාර් රථයකින්  දිවයිනේ විවිධ පලාත් වලට ගොස් සිල්ලර බඩු, බෙහෙත්  වර්ග, රථවාහන අමතර කොටස්, සුවද විලවුන් යන මිලෙන් අඩු භාණ්ඩ මිළදි ගෙන සැක කරුවන් සතුව ඇති රුපියල් 5000 නෝටිටු කඩ හිමියාට දී මාරු කිරිමට නොමැති බව  පැවසු විට මුදල් මාරු කර දීමට ඉදිරිපත් වි මුදල් අය කැමි නොමග යවා අය කැමි දූන් මුදලට වඩා විශාල මුදලක් සැකකරුවන් විසින් ලබාගන්නා බව පොලිසිය පවසයි.
පසුගිය දා මෙවැනිම ආකාරයටම මිගමුව හලාවත මාර්ගයේ ඇති රූපලාවන්‍යගාරයකට සැක කරුවන් ගොස් එහි රුපියල් 600ක් වටිනා අයිබ්‍රෝ පැන්සලක් රැගෙන මුදල් අයකැමිට රපියල් 5000ක් දි ඇත. එය මාරු කිරිමට නොමැති බව පැවසු විට වෙළද සැලේ මාරු සල්ලි නැති නම් මුදල් මාරු කර දෙන්නද පවසා මුදල් අය කැමි නොමග යවා  සැක කරුවන් දෙන ලද මුදලට වඩා වැඩි මුදලක් වෙළද සැලෙන් වංචනිකව අරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කරනලද පැමිණිල්ලකට අනුව වෙළද සැලේ සවිකර තිබු සි සි ටි කැමරාවේ  තිබු දත්ත පරික්ෂා කර මෙම සැක කරුවන් අත් අඩංගුවට ගත් බව මිගමුව ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් තිලක වැලිවිට මතා ප්‍රකාශ කලේය.

මිගමුව කොඨටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස අධිකාරි අනුර අෙබිවික්‍රම මහාතාගේ උප දෙස් මත සහකාර පොලිස් අධිකාරි ලලිත් රොහාන් ගමගේ මෙහෙයවිමෙන් මිගමුව පොලිසියේ ස්ථානාධිපති සමන් තිලක වැලිවිට, පොලිස් පරික්ෂක ප්‍රසන් ප්‍රියදර්ශන උ පො ප විජේසුරිය, පො කො 51717 හරිචන්ද්‍ර යන නිළධාරින් මෙම වැටලීම සදහා සහභාගි විය
වෙළද සැල්වලින් ගන්නා භාණ්ඩ සමග එහි අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිළධාරින් ජායාරුපයේ දැක්ෙවි