අයියා ගාල්ලට, මල්ලි කිරුළුපනට? ලංසා පවුලේ අළුත්ම දේශපාලන කරණම ?

0
82

BR NLදේශපාලනය යනු බලය පිළිබදව අධ්‍යයනයකයැයි දේශපාලන විද්‍යාර්තීන්ගේ විග්‍රහයයි.කුමාරයා පොත ලියු මැකියාවෙලි කිවේ දේශපාලනය යනු බලය ලබාගැනිම සහ කෙසේ හෝ එය පවත්වාගෙන යෑම බවයි.
කිසිදා මැකියාවෙලි පොත ඇසින් පවා දැක නැති කුමාරයෙකු මීගමුවේ සිටි.
ඔහු අද මීගමුවේ දේශපාලන බලය වෙනුවෙන් තමන්ගේ පුතුන් දෙදෙනා අපුරුවට මෙහෙවමින් සිටි.
තමන් පුරුදු වි ඇති සඛෝපභෝගි දිවිය එලෙසින්ම ගෙවන්නට නම් මීගමුව පාලනය කිරිමට බලය කෙසේ හෝ තමන්ගේ අතේ තබාගත යුතු යැයි ඔහු සිතන්නේය. එනිසාම තමන්ගේ මසාජ් ක්ලිනික් වල සිටින කාන්තාවනගේ පවා ඡන්දයෙන් මීගමුවේ දේශපාලනයට මුල් අඩි තැබන්නට සිය පුතා වු  නිමල් ලංසා නම් වු තරුණ දේශපාලකයා එදා ඔහු විසින් විවර කොට  දි තිබුණි.
එසේ ගමන් ඇරඹි ඔහු අද මෙරට දේශපාලනයේ පෙරටම පැමිණ තිබේ.
මෙහි ප්‍රථිපලයක් ලෙසින් වැඩියෙන්ම මීගමුවේ ප්‍රතිලාභ ලැබු තැනැත්තා වුයේ සිය පියාණන් වු පිලෙන්ද්‍රන් ලංසාය.රාජ්‍ය අයෝජයන්ගේ ප්‍රථිලාභ ලබන්නට මේ තරම් වාසනාවන්ත වු අයෙකු ලංකාවේ සිටි නම් ඒ ඔහුම විය යුතුය.
දිනපතා ඇති තරමින් සූදුවට මුදල් පමණක් නොව පරම්පාර ගාණක් ගොඩදාගන්නට තරම් මහින්ද රාජපක්ෂගේ දේශපාලනයෙන් හරි හම්බ කරගන්නට මේ නිසා ලංසා පවුලට හැකි විය.
රට පාලනය කිරිම මැදමුලනෙන් සිදුවෙද්දි මීගමුව පාලනය කෙරුනේ වැල්ලවීදියෙනි.
රාජපක්ෂවරුන් නිසා ප්‍රකෝටිපතියන් වු ලංසා පවුල එකවරම අංක 180 ක හැරවුමක් ලකුණු කරමින් පසුගිය ජනවාරි 08 වෙනිදායින් පසු පෙරළුන පිට හොදයි කියන්නට පටන්ගත්තේය.
ඒ මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයත් පක්ෂ සභාපතිත්වයත් අගයමිනි.
කෙසේ හෝ රාජිත සේනාරත්න හරහා යහපාලනයේද දොරටු විවර කරගත් ලංසා පවුලේ නැවතුනේ නියෝජ්‍ය ඇමති තනතුරක් පමණක් නොව නියෝජ්‍ය නගරාධිපතිධුරයක්ද පවුලට අයිති කරගනිමිනි.
ඇමති කම වෙනුවෙන් දවල්ට දනියෙල්ගේ චරිතයත් රාත්‍රියට මිගෙල්ටත් අදින්නටත් අගේට පුරුදු වු නිමලං ලංසා තමන් ප්‍රකෝටිපතියෙකු කළ බැසිල් රාජපක්ෂයව කිසි සේත්ම අමතක කළේ නැත.
මුදල් වංචා පිළිබදව පැමිනිලි විභාගයන් සදහා පැමිණි සෑම අවස්ථාවකමත් ලග සිටි කළණ මිතුරා වුයේද නිමල් ලංසාය.
ඒ ඔහු තුල වු අනික් දේශපාලන තුරුම්පුව පෙරට දාගැනිම සදහාමය.
නියෝජ්‍ය ඇමති කමක් මෛත්‍රිගෙන් ගත් ඔහු ඊලග සැලැස්ම වුයේ සිය මළණුවන් වන දයාන් ලංසා කෙසේ හෝ මහින්ද පිළ හරහා මීගමුවේ නගරාධිපතිවරයා කරවිමය.
එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයේ මහින්ද පිලේ ප්‍රබලයන් නිමල් ලංසාව සැලකුවේ මහින්දට එරෙහිව මෛත්‍රි වෙතට ගොස් ඇමති කමක් ගත්තෙකු ලෙසය.ඒ නිසාම ලංසා පවුලට ගම්පහ මහින්ද පිළට එක්විමට කිසිදු ඉඩක් තිබුෙන් නැත.
එහෙත් ලංසා පවුල මේ සටන අතහැරියේ නැත.
මේ සියල්ල අවසානයේදි ත්‍රිරෝද රථ කරුවන් ඇතුළු තමන්ට හිතවත් පිරිසක් නගර සභාවට කැදවා විමසා තිබුනේ මැයි දිනයට යන්නේ කොහේදැයි කියාය.
ඒ සියල්ලෝ පවසා තිබුනේ මහින්ද පිළේ මැයි රැළියට බවය.
එසේ නම් තමනුත් ඒ තින්දුව ම ගන්නේ යැයි කියමින් බොහෝ කලින් තීරණය කොට තිබු රෙඩි මේඩ් ප්‍රකාශය මේ රැස්විමේදි කියමින් කෙසේ හෝ මහින්ද පිළට අවසන් මොහොතේ හෝ ගොඩවෙන්නට දයාන් ලංසා තින්දු කර තිබුණි.
මේ නිසාම මීගමුුවේ අනාගත නරාධිපතිවරයා තමන්ගේ බාල පුතා නොවන්නේ නම් එය තමන්ට බලපාන අන්දම හොදින්ම දන්නා තාත්තා සිය හිතවත් ත්‍රිරෝද රථකරුවන්ට හට වෙනත් අය ඔස්සේ පණිවිඩ යමින් රු 1000 ක් සහ කන්නත් බොන්නත් ඇති තරම් දෙමින් කිරළුපනට යන්නට එන්න යැයි පණිවිඩ යවා තිබුණි.
මේ අනුව හෙට සිට මීගමුවේ දේශපාලනය තවත් අදියරකට ගමන් කරන්නට නියමිතය.