අයියාගේ ඡන්ද වැඩවලට මහජන බදුමුදලින් ලොරියක් ගත්තු නගරාධිපති මල්ලි ?

0
103

nimal and dayanමීගමු ජනයාගේ මහජන බදු මුදල් ලංසා පවුලේ බුදලයක් යැයි සිතා මේ දිනවල වැය කරමින් තිබේ. කොටින්ම කියන්නේ නම් මේ දිනවල අයියාගේ දේශපාලන වැඩවලට ලයිට් දාන්නට යන්නට දැන් මහජන බදු මුදලින් නගරාධිපති මල්ලි ලොරියක්ද යොදවා තිබේ.එයට හේතුව වන්නේ මහනගර සභාව යැයි සදහන් ලොරි භාවිතා කිරිමේදි ඉන් පරිස්සම් විම සදහාය.
මේ දිනවල මෙසේ මහජන බදුමුදලින් යොදවා ඇති ලොරිය නිමල් ලංසාගේ රැස්විම් භුමිය කලින්ම ගොස් දැවැන්ත විදුලි අලෝකයකින් සරසන්නට කටයුතු කරමින් තිබේ.
එපමණක් නොව අතදිගහැර පැල්ස් ලයිට් මිළදි ගැනිමටද නගරාධිපති මල්ලි දැන් කටයුතු කර තිබේ.
මේ සියල්ල කළ හැකිව ඇත්තේ සජිත් පිළ නියෝජනය කරන පතෝල දේශපාලකයන් නිසාය.
මේ අතරින් දැවැන්තම පතෝලයෙකු වන කැලිසන් ජයකොඩි සහ නස්මියාර් මුදල් කාරක සභාවේ සාමාජිකයන්ය.,
ඒ අයට ලැබෙන පුද්ගලික වාසි තකා ලංසා පවුලට කඩේ යති.
කාවින්ද  ඉතිහාසය පුරා කලේද එයමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here