අයියාව පුම්බන්න මිගමුවේ මහජන බදුමුදල් වලින් කටානට දුම් ගහන නගරාධිපති මල්ලි !

0
51

කටාන දුම් 2මීගමුව මහනගර සභාව අද මුහුණ දි ඇත්තේ බරපතල මුල්‍ය අර්බුදයකටය.
තතු එසේව තිබියදි මිගමුවේ මහජන බදුමුදල් යොදාගෙන මිගමුව බලප්‍රදේශයට අයත් නොවන වෙනත් ප්‍රදේශවලට ගොස් විශාල වියදමක් දරමින් දුමායන කටයුතු කිරිමට මිගමුව නගරාධිපතිවරයා ගෙන ඇති හිතුවක්කාර තීන්දුවක් සිය මුහුණු පොතේ මාධ්‍ය සංදර්ශනයක බවට මේ වනවිට පත්ව තිබේ.
ඒ අක්කර පනහ සහ කඳසුරිදුගම ප්‍රදේශවල මතුව ඇති ඩෙංගු වසංගත තත්වය නිසා නගරාධිපති දයාන් ලංසාගේ අයියා ඉල්ලිමට මත  දුමායන කටයුතු කිරිමට පියවර ගෙන තිබිමය.
අක්කර පනහ ඩෙංගු තත්වය පාලනය කළ යුත්තේ කටාන ප්‍රාදේශිය සභාවයි.
එය ඉතා පැහැදිලිය.
දින 10 ක් ඇතුලත ඩෙංගු මරණ 2 කක් සිදුව ඇති බව අප විසින් වාර්ථා කර සිටියේ ඒ ප්‍රදේශය මේ වන විට ඩෙංගු වසංගත තත්වයක් කරා යමින් තිබෙන නිසාය.
එබැවින් පොහොට්ටුවේ නායකත්වයෙන් ඇති කටාන ප්‍රාදේශිය සභාව වහාම මැදිහත්වි මේ වසංගත තත්වය පාලනය කිරිමට පියවර ගත යුතුය.
තතු එසේව තිබියදි අවම තරමින් කටාන ප්‍රාදේශිය සභාව විසින්වත් මිගමුව මහනගර සභාවට උදව් වන ලෙස ඉල්ලා නැති තත්වයක් තුලදි නගරාධිපතිගේ අයියා වු  නිමල් ලංසා කි නිසා යැයි කියමින් මිගමුවේ බදු මුදල් නිමල් ලංසාගේ දේශපාලන චරිතය පුම්බන්නට යෙදාගන්නේ මන්ද යන්න බරපතල ප්‍රශ්ණයකි.ජිවිත බේරාගැනිම වෙනුවෙන් කියා කාගේ හෝ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක් ගොඩදැමිම සදහා පළාත් පාලන නීතියටද එරෙහිව කටයුතු සිදුවන මෙවන මොහොතක කණගාටුව වන්නේ 19 දෙනෙකුගෙන් යුත් එජාප විපක්ෂයක් ඇති නගරා සභාවට විපක්ෂය මීක් නැතිව සිටිමයි.
(නිමල් ලංසාට අක්කර පනහ ජනතාව ගැන ඒ තරම්ම කැක්කුමක් තිබුනේ නම් ඔහු ඒ සදහා මැදිහත්වන ලෙස ඉල්ලා සිටිය යුත්තේ කටාන ප්‍රාදේශිය සභාවෙනි. එහෙත් එය නොකරයි . හේතුව කටාන ප්‍රාදේශිය සභාවේ දේශපාලන අධිකාරිය සිටින්නේ ප්‍රසන්න රණතුංග සමගිනි.)
මෙය පැහැදිලිව මුදල් අවභාවිතාකිරිමකි.
.(අප මතුකරන ඇත්ත ප්‍රශ්ණය තේරුම් නොගෙන මෝඩයන් සේ බුකියේ ගොන් කථා කොටන ඇතැමුන් තේරුම්ගත යුතුව ඇත්තේ පළාත් පාලන නීතියක් ඇති බව තේරුම් ගැනිමය.එසේ නොමැතිව බුකියේ මෝඩයන් සේ හැසිරුනා යැයි කියා රටේ නීතිය හා ක්‍රමවත්භාවය කිසිසේත්ම ස්ථාපිත වන්නේ නැත.මේ රටේ බයි දේශපාලනට අවැසිව ඇත්තේද මේ රටේ නීතිය අවුල් කොට පවුලේ උවමනාවන් පලාත් පාලන නීතිය බවට පත්කිරිමේ නරුම දේශපාලනයකය.)
අරුමය වන්නේ නගරාධිපතිගෙන් විවිධ වරදාන ලබන මිගමුවේ තුන්වෙනි පංතියේ නගාරික කොමසාරිස්තුමියද දැන් ගල උඩ කැත කළ බළලාගේ තත්වයට පත්ව තිබිමයි.
මේ වනවිට කාවින්දගේ නායකත්වයෙන් යුත් එජාප බහුතරයක් මන්ත්‍රිලා දයාන් ලංසාගේ දේශපාලනයත් සමගින් එකගෙයි කෑමේ  දේශපාලනයක නිරතව සිටින බැවින් මේ ආකාරයෙන් මිගමු මහජන මුදල් අයියා මලාේ දෙදෙනාගේ දේශපාලනය වෙනුවෙන් අවභාවිත විමට ඔහේ ඉඩ හැර බලා සිටින තත්වයක් දැන් මතුව තිබේ.
සැබැවින්ම දැන් එජාප මන්ත්‍රිලා බහුතරයක් සේවය කරන්නේ තමන්ව පත්කරගත් මිගමුවේ ජනයාට නොව තමන්ට ලයිට් දෙන පොත් දෙනා නගරාධිපති දයාන් ලංසා වෙනුවෙනි.කටාන දුම්

 

 

කටාන ප්‍රාදේශීය සභාවට අයත් අක්කර පනහ,කදසුරිදුගම ප්‍රදේශයේ ඩෙංගු අධි වසංගත කලාපයක් නිර්ණාමය වෙමින් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශයේ ඩෙංගු අධි වසංගත තත්වය පාළනය කිරීමට මීගමුව මහා නගර සභාවේ සහයෝගය ලබා දෙන මෙන් මාගේ සහෝදර ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා#Nimal Lanza මැතිතුමා මාගෙන් කල ඉල්ලීමකට අනුව අද “දවසකට එක වැඩක් ” වැඩසටහන යටතේ මීගමුව මහා නගර සභා ඩෙංගු මර්ධන කණ්ඩායම් යොදවා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරවන ලදී.
මෙම අක්කර පනහ,කදසුරිදුගම ප්‍රදේශයේ නිවාස 337ක ජනතාව 1200කට අධික පිරිසක් ජීවත්වන අතර පසුගිය ජූලි 01 වනදා සිට අද දිනය වන විට ඩෙංගු රෝගීන් 114ක් හා ඩෙංගු මරණ 02ක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
2019.08.10