අයෝජන කලාපයේ කුණුවලට ඇවිලුන ගින්න …??

0
69

කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක අද අලුයම ගින්නක් හටගෙන තිබුන අතර මේ වන විට එය සම්පුර්ණයෙන් පාලනය කර ඇතැයි වාර්තාවේ

ආයෝජන කලාපයේ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්න හටගෙන ඇති අතර දාළ කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ද ගබඩා කර ඇති බව කටුනායක පොලීසිය පවසයි

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 07ක් යොදවා ගන්නට සිදුව තිබුණ බවද සැලය.

මේ අතර මෙම ගින්න පිළිබද රෙඩ් සංවිධානයේ ක්‍රියාකාරිණියක වන චන්ද්‍රදේවනාරයන සිය ෆේස් බුක් පිටුවේ මීට 23 කට කලින් මේසේ සටහන් තබා තිබුණි

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තුන්වැනි අදියරේ ඊයේ රාත්‍රියේ හටගෙන ඇති ගින්න තවමත් එසේම පවතින බව දැනගන්නට ඇත.
එසේම එම ගින්න global outlet, okaya lanka ඇතුළු ආයතන වලට ආසන්නයේ පිහිටි කුණු ගොඩෙන් ආරම්භ ව ඇතැයි ඉන් පසුව ඒ ආසන්නයේ පිහිටි chemical නිෂ්පාදන සහිත ආයතනයකට ඇතුළුව ගින්න ඇති වී ඇති බව සේවකයින්ගේ අදහසයි.මේ හේතුවෙන් එම ගින්න ඇති වූ ස්ථානයට ආසන්නයේ ආයතන කිහිපයකම සේවකයින්ට අද දින සේවයට වාර්තා කළ පසු නිවාඩු ලබා දී ආපසු එවා ඇත.
තාමත් නිවා ගන්නට බැරි නිවාගන්නට වෙහෙසෙන එම ගින්නෙන් නැගෙන දුම ඉතාමත් සැර එකක් බව ද සේවකයන් RED ට වාර්තා කරන ලදී.
මේ හේතුවෙන් ඒ ආසන්නයේ ආයතන වල සේවය කරන මෑන්පවර් සේවකයින් අද දින සේවය නොමැතිවීම හේතුවෙන් වැටුප් නැතිවීම නිසා බලවත් අපහසුතාවයට පත්ව සිටි.ඒ අතර ගින්න මැඩපැවැත්වීම සඳහා අදාළ අංශ කටයුතු කරන බවද වාර්තා වේ.