අරුන්දික වයඹ දී මෙන්ම ඌවෙත් වැඩ පෙන්වයි

0
68

අද උදෑසන බන්ඩාරවෙල පොලීසියේදී ඇතිවූ ගැටුමකින් බන්ඩාරවෙල නගරාධිපතිවරයා රෝහල් ගතකර ඇති අතර  පා.මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ද රෝහල්ගතකර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. මෙම ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කතාකළ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඔහුගේ පාර්ශවයෙන් කිසිවක් සිදුනොවූ අතර පිරිසක් සමග ගැටුමට ආවේ අනෙක් පාර්ශවය බවයි.
දැනට මාස කීපයකට උඩදී වයඹ පළාත්සභා ඡන්දය පැවතෙත්දී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට බාරව තිබුණේ වෙන්නප්පුව ආසනයයි.
අරුන්දික මන්ත්‍රීවරයා ඡන්දයට පෙර දින රාත්‍රියේ පටන් අලුයම දකවා බීමතින් විරුද්ධ පක්ෂයේ සාමාජිකයන්ගේ ගෙවල් කීපයකට ගොස් ඔවුන්ට තර්ජනය කර බියවද්දා ඡන්ද මධ්‍යස්තාන අසලට ආවොත් මරණවා කියා බය කර තිබුණි.
දංකොටුව ප්‍රදේශයේ එක්්සත් ජාතික පක්ෂයට වැඩකළ සාමාජිකයෙකුව අරුන්දික ප්‍රනාන්දු ඉදිරියේ දණගස්සවා විනාඩි කිපයක් තබාගෙන ඔහුටත් ඔහුගේ සොහොයුරාටත් තර්ජනය කර තිබුණි.ඒ වගේම තවත් නිවසක් ඇතුළට ජනෙල් වලින්  යකඩ පාලු දමා පහරදී නිවසියන් එලියට ගෙන තර්ජනය කර තිබුණි. ඔවුන් අත ආයුධ හා අවි තිබුණ බවද නිවසියන් වාර්තා කළේය. නමුත් දංකොටුව පොලීසිය විසින් ඔවුන්ට පවසා තිබුණේ පසුවදා උදේ පැමිණ පැමිණිල්ලක් දමන ලෙසයි. 34431_4