අල්හිලාල් විදුහලට දුන්න ලක්ෂ 25 ට මොකද වුනේ ?

0
63

alhilalමීගමුවේ පෙරියමුල්ලේ පිහිටි අල්ලිහාල් විදුහල පසුගිය කාලය තුල විශාල දියුණුවක් ලබා ඇත්තේ එහි විදුහල්පති ලෙසින් පත්ව ආ ගස්සාලි මහාතාගේ සමයේ බව එම පාසැලේ දෙමව්පියන්ගේ මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේද අදහසයි.අජ්මල් නම් වු ගුරුවරයාද මේ දියුණුවට දායක වුවෙකු බව කාගේත් පිළිගැනිමයි.
එහෙත් මේ සියල්ලේ මහන්සිය ඇතැම් කපටි දේශපාලකයන් නිසා  අර්බුදයට යමින් තිබේ.
පාසැලේ ක්‍රිඩා පිටිය නවිකරණය කිරිම සදහා බස්නාහිර පළාත් සභාවෙන් ලැබුන රු ලක්ෂ 25 ක මුදල වැය කර තිෙබන ආකාරය ගැන බරපතල සැකයක් මතුව ඇතැයි  වාර්ථා වේ.
ඇමැති නිමල් ලංසා විසින් මේ කටයුත්ත සම්බන්ධිකරණය කිරිම පවරා ඇත්තේ  මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි ෆරිස් මහතා වෙතය.
මේ පිළිබදව මීපුරට අදහස් දක්වා සිටි මීගමුව නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු පවසා සිටියේ මෙ ලක්ෂ 25 න් අවම තරමින් ලක්ෂ 10 කටවත් වැඩක් සිදුව නොමැති බවය.
දැනට කර ඇත්තේ අඩි 28 කණු 27 ඉදිකිරිම,මීටර 110 ක් පමණ වයර් වැටක් ඉදිකිරිම සහ බොරළු කියුබ්  40  ක් ගොඩ බෑම පමණක් යැයි ඔහු කියයි.
මේ සමබන්ධයෙන් අප කළ විමසුමකදි පාසැලේ විදුහල් පතිවරයා පවසා සිටියේ මීගමුවේ ප්‍රාදේශිය ඉජිනේරු කාර්යාලය පවසා සිටින්නේ ලක්ෂ 21 ක පමණ වැඩ කෙරි ඇති බවය.