අලි ප්‍රශ්ණෙට විසදුම් සජිත් ලග තියෙනවලු ..

0
305

අලි ප්‍රශ්ණය දැන් කලක පටන් සමාජ කතා බහට ලක්ව ඇති මාතෘකාවකි.අලින් ගැවසෙන පාරවල් වලින් ගමන් යන බොහෝ දෙනෙකු⁣ට අලින් දැකිමද ලොකු සතුටකි.ඇතමෙක් අලින්ට කෑම පවා දෙති.මේ නිසාම ලංකාවේ බොහෝ පාරවල් ඇතැම් අලින් කප්පන් අලි බවට පත්කරන්නට මේ කෑම දිම අද හේතුවි ඇත.මෙහි බරතල කම අප දිනපතා ෆේස් බුක් පිටුඅතරේ සැරිසරන අයුරුද දැක තිබේ.

අලි මිනිස් ගැටුමෙන් පිඩාවිදින්නෝ නම් අලි ගැවසෙන පළාත්වල ජිවත්වන්නෝම වෙති.මේ ගැටුම හේතුවෙන් විශාල අලින් ප්‍රමාණයටද මේ වන විට ජිවිත වලින්ම වන්දි ගෙවන්නට සිදුව තිබේ.

අලි මිනිස් ගැටුම දේශපාලකයන්ට මෙන්ම පැවති රජයන් සියල්ලටම විසදුම් දිමට නොහැකි වු තවත් ප්‍රශ්ණයක් ව පවති.

මේ අතර විපක්ෂ නායක සජිත්ද දැන් අලි ගැන කතා කරන්නට පටන් ගෙනය

තමන්ගේ රජයක් යටතේ අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකසා අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත. ගොවි ජනතාව මුහුණ දෙන මෙම ගැටුම නිරාකරණයට මෙතෙක් පැවති කිසිදු රජයකට වැඩපිළිවෙළක් නොතිබූ බව ඔහු මෙහිදි අවධාරණය කර තිබුණි

තමන්ගේ රජයක් යටතේ පළමු වසර පහක කාලය තුළ අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ හරහා ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් විසඳන බවත් විපක්ෂ නායකවරයා පවසන අතර ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් ඇති කර අලි මිනිස් ගැටුම අවසන් කිරීමේ පළමු පියවර දියත් කරන බව පවසන ඔහු වර්තමාන රජයට මෙම ගැටලුව ගෙන අවබෝධයක් හෝ දර්ශනයක් නැති බවට චෝදනාවක්ද එල්ල කර සිටි