අවදානම වැඩිවෙද්දි සේවකයන්ට වැඩට එන්න යැයි රජය කියයි !

0
88

මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු විය හැකි බවත් මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතිනවා යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසා තිබුණි.

වාර්තා වන ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් ඩෙල්ටා ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය..

“වාර්තාවන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙන්නේ, ඔක්සිජන් මත යැපෙන රෝගීන්. ඒ නිසා අපි යම්කිසි අයුරකින් ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වනවා ද යන්න සැක සහිතයි. මේ වන විට ජාතික රෝහලේ ඇඳන් සංඛ්‍යාව සම්පුර්ණයෙන්ම පිරී ගිහිල්ලා තියෙනවා. රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා යන්න ඉතාමත්ම ආසන්නයි. ඒ වගේම ළමා රෝහලේ සම්පූර්ණ ඇඳන් සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව වාර්තාවීම ගැටලුකාරී තත්ත්වයක් වෙලා තියෙනවා. දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 50කට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මේ රටේ යුද්ධය පැවති සමයකවත් මෙපමණ මිනිසුන් ප්‍රමාණයක් මියගියේ නෑ. මේ නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ මේක ඉතාමත් භයානක තත්ත්වයක්“ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කර සිටියා.
මේ අතර රජය දැන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ලබන සදුදා සිට සියලුම රජයේ සේවකයන් සුපුරුදු පරිදි වැඩි වාර්ථා කළ යුතු බවය.
පසුගිය දින කිපය පුරාම දිනපතා කොරෝනා මරණ ගණන වැඩිවෙමින් තිබේ. PCR පරික්ෂණ පැවැත්විම ඉතාමත් අවම කර තිබියදි පවා වාර්තා වෙමින් ඇති ආසාදිතයන් ගණනද ඉහල අගයක් ගනිමින් තිබේ.
හෙදි නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පසුගියදා රජයට අභියෝග කරමින් කියා තිබුනේ PCR පරික්ෂණ වැඩි කරන්නේ නම් විශාල ආසාදිතයන් ගණනක් වාර්තා විම අනිවාර්යක් බවය.
තතු ඒසේව තිබියදි රජය සෞඛ්‍ය විශේෂඥයන් විසින් දැනටමත් කරමින් සිටින අනතුරු ඇගවිම් පසෙක තබා රට දැවැන්ත අවධානමකට හෙළිවිමට මේ වන විට කටයුතු කරමින් සි‌ටි.