අවනීතියට එරෙහිව පිඩාවට පත් ජනයා පෙරමුණ ගනී !

0
188

මේ දිනවල මිනුවන්ගොඩ  මැතිවරණ කොට්ටාශයේ ගම්පහ බලප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසක් අභුත චෝදනා නගමින් යළිත් වරක් අත්අඩංගුවට ගෙන තිබිමට එරෙහිව පසුගියදා උඩුගම්පොල සැනෝරා උත්සව ශාලාවේදි මාධ්‍ය හමුවක් පැවැත්විණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් වැඩිපිරිසක් පසුගිය මැයි 09 වෙනිදා සිදුවිම් වලට අදාලව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර ඇති අයවලුන් වෙති.

මෙහිදි ඇතැම් පොලිස් නිළධාරින් ගම්පහ පොහොට්ටු ප්‍රබලයා වන ප්‍රසන්න රණතුංගට කඩේ යමින් සිටින බවටද ප්‍රසිද්ධ චෝදනා කරමින් මෙම මාධ්‍ය හමුවේදි විශේෂ හෙළිදරව් කිරිම්ද සිදුවිය