අවයව දන්දිමේ මහා පින්කමට එක්වෙමු !

0
260

පසුගිය 18 වෙනිදාට යෙදී තිබූ ජාතික අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනය පිළිබද ප්‍රමාණවත් ජාතික අවධානයක් මෙරට මාධ්‍ය විසින් ලබාදි තිබුන බවක් නොපෙනේ .මේ අතර ජාතික ඉන්ද්‍රීය ප්‍රතිබද්ධ කිරීමේ ජාතික වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී ඊයේ (19) ආරම්භ වි තිබුණි.

ජාතික ඉන්ද්‍රීය ප්‍රතිබද්ධ කිරීමේ ජාතික වැඩසටහන අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දියත්ව තිබේ

එහිදී අවයව පරිත්‍යාගශීලීන් ලියාපදිචි කිරීම ඇරඹුණු අතර අවයව පරිත්‍යාගශීලීන්ගේ දත්ත ගබඩාව ඇරඹීමද සිදුකෙරුණි.

අනුව අවයව පරිත්‍යාග කිරිමට අදහස් කරන අය විසින් අයදුම්පත පුරවා ෆේස්බුක් හි organdonordaysl පිටුවට හෝ otusjgh@gmail.com ඊමේල් ලිපිනයට යොමුකළ හැකි අතර 077 03 443 44 ක්ෂණික ඇමතුම් අංකය විමසා වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

තම අවයව දන්දීමේ මේ ජාතික වැඩසටහනට එක්වී ඔබටත් උතුම් පාරමිතාවක් පිරීමට හැකිය.පුද්ගලයෙකුට සිය සිරුරේ අයවය 8 ක් දන්දි තවත් ජිවිත රැසක් බේරාගැනිමට හැකිව තිබියදි මේ සමාජය තුල ඒ පිළිබදව නිවරදි අවබෝධයක් ජනතාව අතර පතුරුවාලිමට නිසි වැඩපිළිවෙලක් නොමැති කම නිසාවෙන් ජිවත්විමේ බලාපොරෝත්තුවෙන් සිටින දහස් ගණනක් දිනපතා අනියත මරණයක් තල්ලු කරමින් තිබේ.
මෙය සැබැවින්ම ඛේදවාචයකි. මේ රටේ සියළු මාධ්‍ය අවයව දන්දිමේ පින්කම ගැන ජනතාව දැනුවත් කිරිම සදහා පුලුල් මැදිහත්විමක් එක්විමේ බරපතල අවශ්‍යතාවයක් මේ වන විට මතුව තිබේ

සම්පූර්ණ කළ යුතු අයදුම් පත පහතින් දැක්වේ.