”මැදමුලන සහ වැල්ලවීදියේ පවුල් බලයට අපි තිත තිබ්බා”. නාගරික මන්ත්‍රි ගිහාන්

0
44
ගිහාන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින්
මීගමුව එජාප මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු

මෙවර  බස්නාහිර පළාත් සභා ඡන්දයේ ප්‍රතිපළ නිකුත්ව අවසන්ය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයෙන් පළාත් සභාවට තේරීපත්ව ඇති අපේක්ෂකයන්ගේ ද ලයිස්තුව ඉදිරිපත්ව තිබේ.
බස්නාහිර පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරුන් 10 දෙනෙකු තේරිපත්ව ඇති අතර මැතිවරණය සටහනින් ඉවත්කර දරවා සිටින රොයිස් විජිතද ඒ අතරය,
. මෙවර පළාත් සභා ඡන්දයේදී  මීගමුව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම  මුහුණ දුන්  අභියෝගය ගැන   මීගමුව මැතිවරණ කමිටුවේ ලේකම් ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා අප වෙත අදහස් දැක්වීය.
ඔහු   පවසා සිටියේ  මෙම ජන්දයේදී  අවාසිදායක තත්ත්වයන් රාශියක් මැද  එක්සත් ජාතික පක්ෂය මීගමුවේ පෙරලියක ඇරඹුක් සනිටුහන් කළ බවය
.  මීගමුව එජාප  සංවිධායක රොයිස් විජිත මහතා පොලිස් අත්අඩගංගුවට පත්වීමත් ඔහුට ඇප නොදීමත් එමෙන්ම ඔහු පිළිබදව ආණ්ඩු පක්ෂයෙන් විශාල මඩ ප්‍රහාරයක් ගෙන යාමත් මැද තමන්ට මෙම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යාමට සිදුවූ බව ගිහාන් මන්ත්‍රිවරයා පැවසීය.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන අපේක්ක්ෂකයන් මුදල් ,දේපල හා මීගමුව නගර සභා වේ සියලූම සම්පත් ඩැහැගනිමින් මෙන්ම දේශපාලන බලයද යොදවා මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය අකාරයට  ඊට මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂයට ඊට සපුරා වෙනස් මැතිවරණ ව්‍යාපාරයක් ගෙනයාමේ අභියෝගයක් තිබූ බව ඔහු ප්‍රකාශ කළේය.
මුදල් නැතිව මීගමුව ආසනයේ සිටි දක්ෂ සංවිධායකවරයා ද නොමැතිව මැතිවරණ ව්‍යාපාරයකට  මුහුණ දීමට එජාප කණ්ඩායමට සිදුවූ  අතර  එමෙන්ම රොයිස් විජිත ප්‍රනාන්දු  ආණ්ඩු පක්ෂයේ දූෂණය ,වංචාවට එරෙහිව කතා කළ දක්ෂ කතිකෙයෙකු මෙන්ම  මැතිවරණ සටනට මුහුණදීම සඳහා සිටි නිර්භීත අපේක්ෂකයෙක් බව ද කී ඒ මහතා , ඔහු නැතිව කළ මෙම මැතිවරණ සටන තුළින් වුවත් විශාල මීගමුව ජයමාවත කරා ගෙන යාමට පසුබිම ගොඩනැගිම සතුටට කරුණක් බව ද පවසා සිටියේය.
මැදමුලන සහ වැල්ලවීදියේ පවුල් බලයට අපි මීගමුවේදි තිත තිබ්බා. මීගමුවේ ආසන සංවිධායක තුමාද සමග එක්ව අපි මේ සටන මීගමුවේත් මුළු රටේමත් ජයග්‍රහණය කරා ගෙන යන බවද හේ තවදුරත් අවධාරනය කර සිටියේය.
එමෙන්ම මෙම මැතිවරණ කටයුතු වෙනුවෙන් විශාල සහයෝගයක් දුන් මීගමුවේ මැතිවරණ කළමනාකරු වන බෑග්ඩෑඩ් මහතාට  ඇතුළු සියළුම අයවෙත  විශේෂ ස්තූතියක්ද පුද කරන ලදී. press con unp news