අවුරුද්දක්ම පැරණි ජලකාන්දුව මාධ්‍ය හෙළිදරව් කළ පසු එක දවසින් හදයි.

0
118

මීගමුව තලාදූව පාරේ කරුමාරි අම්මන් කෝවිල ඉදිරිපිට පාරේ ජල නලයක්  කැඩී ජලය යාමට පටන් අරන් දැනට අවරුද්දකටත් වැඩි බව ප්‍රදේශවාසින් මාධ්‍ය වෙත පසුගිය දිනක හෙළිදරව් කර තිබුණි.
මීගමුව ජල සම්පාදන මන්ඩලයට දැනුම් දුන් පසු එම නිලධාරීන් ප්‍රදේශවාසින් හට  පවසා ඇත්තේ මේ ස්ථානය පිළිසකර කිරීමට ඔවුන්ට නොහැකි බවයි.
මෙම ස්ථානය ඉදිරිපිට ජීවත්වන බහුතරයක් දෙනා  නගර සභාවේ සේවය කරන කම්කරුවන්ය.  මේ දෙපස ඇති කාණු දිගේ උතුරන ජලය ගලා ගොස් ඇත්තේ වසරකක් තිස්සේය.
තවත් දින කිපයකින් කෝවිලේ උත්සවය පැවැත්විමටද නියමිතය.
කිසිදු බලධාරියෙුකුගේ අවධානයට ලක්නොවී තිබුණ මේ ප්‍රශ්ණය සිරස සහ මීපුර ඔස්සේ මහජන අවධානය වෙත යොමු කෙරුණි.
දැන් මේ ජල1 කාන්දුව නවතා ඇත. අදාල මාධ්‍ය වෙත සිය තතුය පළකල ජනතාව පවසා සිටියේ වසර ක්  තිස් සේ සියලු බලධාරින් දැනුවත්කරමින් මහත වෙහෙසක් ගත්තද මාධ්‍ය මගින් කළ හෙළිදරව්ව පමණක් තමන්ගේ ප්‍රශ්ණය විසදාලිමට උදව් වු බවය.

ඡායා- එම්.ඉෂෙඩ් සාජහාන්