අවුරුද්දට බඩු ගන්නේ කාගේ කඩෙන්ද?

0
492

racist issue(2.00 am ) සිංහල දෙමළ අවුරුද්ද මුල්කරගෙන කිසියම් ජාතිවාදි නඩයක් පසුගිය දවසක පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරල තිබුණා.
ඒකෙන් අදහස් කරල තිබුනේ අවුරුද්දට සිංහල කඩවල් වලින් විතරක් බඩු ගන්න කියන එකයි.
ඇත්තටම මෙහෙම පෝස්ටර් ගහල ජාතිවාදය ඇදල ආගම් වාදය අව්ස්සල නටන්න හදන මේ නාඩගමෙන් පැහැදිලිව හෙළිවන එක සරල කරුණක් තියෙනවා.
මේ ජාතිවාදියෝ බිත්ති පුරා පෝස්ටර් වනලා කියල තියෙන්නේ ඒ පට්ටම ඇත්ත තමයි සිංහලයන්ගේ කඩවල් වලට බඩු ගන්න සෙනග එන්නේ නැ  කියන එක.

මේ කදිම සටහනක් මුහුණු පොතේ තිබුණා.

හේතුව සරලයි …

හරි හරි බන් පුලුවන්………ඊට කලින් මේ ටිකත් කරපන්….?

#ඉස්සෙල්ල කඩේට එන මිනිහ “ලෙන්ගතුව” පිළිගනින්.
#ඊට පස්සෙ ඒ මිනිහට “සතුටු හිතෙන” සේවයක් සලසපන්.
#ඒ මිනිහට “වස විස” නතුව කන කෑම ටික විකුණපන්.
#ඒ මිනිහට “බෙතෙත් නොගහ” පළතුරු ටික විකුණපන්.
#ඒ මිනිහ බස් එකට නැග්ගම “මනුස්සයෙකුට” වගේ සලකපන්.
#ත්‍රීවීල් එකේ “සින්හලේ” කියල ගහගෙන කරන “කුපාඩි වැඩ” ටික නවත්තපන්.
#තමන්ගෙන් සේවය ගන්න එන්නෙ උඹ වගේම “මනුස්සයෙක්” කියල හිතපන්.
#ඒ මිනිහ දිහා ආදෙරෙන් බලපන්.

ඔය ටික හරියට කරනකොට මේ පත්‍රිකාව බෙදන්න ඕන වෙන එකක නෑ.

– රවී සිරිවර්ධන –