අවුරුදු 12ක දරුවෙකු පැහැර ගැනේ….

0
63

child_abuseදංකොටුව වෑකඩ ප්‍රදේශයේදි වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වයස අවුරුදු 12  දරුවෙකු පැහැරගෙන ඇතැයි වාර්ථා වේ.
අද (2013.06.10) පෙරවරු 7 ට පමණ ඔහු  වෑකඩ පාසැලට යමින් සිටියදි මෙම පැහැර ගැනිම සිදුව ඇත.පසුව අද දහවල් 11 ට පමණ මෙම දරුවාව ගිරිල්ල ප්‍රදේශයේ කෑලයක අතහැර දමා ගොස් සිටියදි ප්‍රදේශවාසින් විසින් පොලිසියට භාර දි ඇත මේ වන විට  දඹදෙණිය රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්ථාවේ. දඹදෙණිය පොලිසිය විසින් මේ සිදුවිම සම්බන්ධයෙන් දැනටමත් පරික්ෂණ කටයුතු අරභා ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරුන් දරුවා පවසා සිටියේ තමන් වෑකඩ පාසැලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් අද පාසැල් යාම සදහා බස්රථයෙන් පැමිණ පාසැලට යන  අතරෙදි වෑන් රථයකට බලහත්කාරයෙන් ඇද දමා ලේන්සුවක් වැනි යමක් මුහුණට ඇල්ලු බවයි.මේ පිළිබදව පොලිසියට පවසා සිටියොත් ඔහු මරණ බවටද තර්ජනය කර ඇතැයි පවසා සිටියේය.
පසුව සිහිය පැමිණ විට තමන් කෑගැසු බවත් ඉන් කලබලයට පත්ව අතර මග පාළු පෙදෙසකට ඔහුව ඇද දමා වෑන් රථය වේගයෙන් පලා ගිය බවත්ය.පසුව එහි පැමිණි කාන්තාවක් විසින් තමන්ව පොලිසියට භාරදුන් බවත් කියා සිටියේය.
තවමත් 12 වැනි වියේ පසුවන සඳුන් ප්‍රියංකරගේ මව විදේශගතව සිටින අතර ඔහු සිටියේ කිරි අම්මා සමගින්ය.