ඔබ මා දැල් රැකියාවට යොමු වුණේ කොහොමද? –
මම වයස අවුරුදු 12 දී විතර දවසක් දැක්කා ලොරියකින් ඇවිත් මාදැල් රස්සාවේ යන්න මිනිස්සුන්ට අඬගහනවා. පස්සෙ මම එතැනට ගියා. මගෙන් එක්කෙනෙක් ඇහුවා මාදැල් රස්සාවෙ යන්ඩ එනවද කියලා. මම කැමති වුණා. එ් විදිහට තමයි ‘කුදිප්පාඩුවට’ ගෙදරට කියන්නෙවත් නැතිව හොරෙන් රස්සාවෙ ගියේ.
කුඩා වයසක දී කොහොමද රස්සාව ඉගෙන ගත්තෙ –
මට මුලින්ම කරන්න තිබුණේ පොඩි පොඩි වැඩ. පස්සෙ ටික ටික මම අනිත් අයගෙන් අහගෙන, බලාගෙන ඉඳලා රස්සාව ඉගෙන ගත්තා.
එ් දවස්වල පඩිය කීයක් විතර හම්බවුනා ද?
මාස 06 කටම මට හම්බවුණේ රු. 100 ක් විතර. එ් කාලේ එ් මුදල ඇති. එ්කෙන් තමයි ජීවත් වුණේ.
ඔබ රස්සාව කරන්න ගත්තු දා ඉඳන් අල්ලපු වැඩිම මාලූ ප්‍රමාණය කොච්චරක්ද ?
මට මතක හැටියට එ් කාලේ හැමදාම මාලූ කඳු ගොඩගහනවා. මම පොඩියි මම ආසාවට මාලූ කඳු උඩ නිදා ගන්නවා. එච්චරටම මාලූ ඉස්සර අහුවුණා.
දැන් එහෙම අහුවෙන්නෙ නැද්ද ?
නෑ. දැන් ඉස්සරත් එක්ක බලද්දී මාලූ ගොඩක් අඩුයි.
දැනට ඔබට පඩිය කීයක් විතර ලැබෙනවද ?
දැන් මාස 06 කටම රුපියල් 35,000 ක් විතර හම්බවෙනවා.
මාදැලට අහුවෙන්නෙ මොනවගේ මාලූ ද?
එහෙම කියන්න බෑ. කුඩා ඇස් දැල් වලට හාල් මැස්සො සාලයෝ වගේ මාලූ අහුවෙනවා. ලොකු ඇස් දැල් වලට තෝරු, කුම්බලාවෝ වගේ එක එක මාලූ වර්ග අහුවෙනවා.
ඉස්සරත් එක්ක සසඳද්දී මාදැලේ සහ අදින ක්‍රම වල වෙනසක් වෙලා තියෙනවා ද?
ඔව්. ඉස්සර මාදැල් තිබ්බෙ ඔක්කොම ලණු දැල් ( කොහු ලණු සහ කඹ * එ් වගේම තමයි පාරු වලින් තමයි දැල වට කෙරුවෙ. ඒත් දැන් තියෙන්නෙ නයිලොන් තංගුස් දැල්. දැල වටකරන්නෙ ප්ලාස්ටික් වලින් හදල තියෙන වල්ලම් වලින්. ලණු දැල් එක්ක බලද්දි තංගුස් දැල් තරමක් ලේසියි එ් තංගුස් එච්චර බර නැති නිසා.
ඉස්සර කඹ 25 ක් 30 ක් විතර ඈතට තමයි දැල වට කරන්නෙ එ්ත් දැන් කඹ 80 ක් 100 ක් විතර ඈතට වටකරනවා. එ් වගේ වෙලාවට එක මන්දක් ට්‍රැක්ටරයකින් අදිනවා. එ් නිසා අපිට ටිකක් ලේසියක් තියෙනවා.
ඉස්සර නම් කඹ 25 යි 30 යි එච්චර ඈත නෑ. අපිට අතින් කියනවා වටකරලා ඉවරයි අදින්න කියලා පස්සෙ ගොඩ ඉන්න ධීවරයින්ට තියෙන්නෙ අදින්නයි. නමුත් දැන් එහෙම නෙමෙයි. කඹ 100 ක් විතර ඈතට දැල වටකරද්දි අපිට පේන්නෙ නෑ. ගොඩක් ඈතට වල්ලම යනවා. එ් වෙලාවට දැල වටකරල ඉවරයි කියලා අපි දැනගන්නෙ. වල්ලමේ අරගෙන යන ටෙලිෆෝන් වලින්. එ්කෙන් කතා කරලා ගොඩට කියනවා දැල වටකරලා ඉවරයි කියලා. අපි දැනගන්නෙ එහෙමයි.
මාදැල මෙහෙයවන්නෙ කව්ද ?
මා දැල අයිතිකාරයා පත්කරපු එක්කෙනෙක් ඉන්නවා. එයාට කියන්නෙ ‘මන්ඩයි රාළ ’ කියලා. එයා තමයි අපිව පාලනය කරන්නේ. එයා කියන ඕන වෙලාවක අපි ලෑස්තිවෙලා ඉන්ඩ ඕනා මාදැල අදින්න. සාමාන්‍යයෙන්
(ඇස් පොඩි* සාලදැල් එලද්දි දවසට පාඩු 02 ක් වටකරනවා. ඇස් ලොකු දැල එළද්දි එළන්න පු`ඵවන් එක පාඩුවයි. එ් දැල එළද්දි ගොඩක් දුර එලනවා එ්ක නිසා උදේ ඉඳන් හවස 7 විතර වෙනකම් එළනවා. වල්ලමේ ගිහින් දැල එළද්දි එයත් එ්කෙ යනවා. එයා කියන පිළිවෙළට තමයි දැල එලන්න ඕනා.
අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද ?
තියෙනවා, එකපාරක් උතුරේ මාදැල් රස්සාව කරද්දි මම නාලා, රා ටිකක් බොන්න කියලා හිතාගෙන ටිකක් දුර ගියා. මම නාද්දි දැක්කා එල්.ටී.ටී. එකේ අය මෝටර් බයික් වල එනවා. මම බයවෙලා ඇඳුනුත් නැතිව තමයි වාඩිය ගාවට දුවගෙන ආවෙ. එතකොට මට වයස 25 ක් විතර ඇති එ්කනම් අමතක නොවන සිදුවීමක්.
ඔව්. හරාව (මුහුද රඵ නැති කාලය* කාලයට විතරයි මේ රස්සාව කරන්න පු`ඵවන්. එ් කියන්නෙ අවුරුද්දකට මාස 06 ක්. උතුරේ වාරකන් (ර`ඵ වැඩි කාලය* කාලයට අපි කුදිප්පාඩු පැත්තෙ රස්සාව කරනවා. මේ පැත්තෙ වාරකන් කාලයට උතුරු පැත්තෙ රස්සාව කරනවා. මේ විදහට තමයි අපි අවුරුද්දෙම මේ රස්සාව කරන්නෙ. මම මුල්ල¥ව, සාලෙ, අලම්බල, එරෙක්කන්ඩිය, කුඹුරුපිටිය, සන්ඩිප්පාර්, කුකුලාව, නායත්තුව, කන්දකුලිය, නාවල්අඩිය සහ කුදිප්පාඩුව කියන හැම ගමේම රස්සාව කරල තියෙනවා.