මීගමුව බස්නැවතුම් පලෙන් හැරී තලාදූව පාර දිගේ එනවිට හමුවන කෝවිල අසල පිහිටා ඇති මෙම නිවාසවල ජීවත්වන ජනතාව පවුල් 110 කින් පමණ සමන්විතය. විවිධ වූ රැකියාවන්හි යෙදෙන මෙම ජනතාවගෙන් වැඩි පිරිසක් මීගමු නගරයේ නගරසභාව යටතේ කම්කරු සේවාවන්වල
යෙදෙති. මෙම පවුල් 110 න් පවුල් 18ක් වෙනම කොටසක් ලෙස ජීවත් වෙමින් කුඩාවට හදාගත් නිවාස යැයි කිව නොහැකි මට්ටමේ නිවාස වල
පදිංචිවී සිටිති.
මෙම පවුල් 18 න් වැසිකිලි නිවස ඇතුලේම තනාගෙන සිටින තිදෙනෙක් හැර අනික් අයට වැසිකිලි නැත. මොවුන් එම කර්තව්‍ය කර ගන්නේ
තමන්ගේ ඥාතියෙකුගේ නිවසට ගොසින්ය. මල්ලිකා මහත්මිය ඒගැන මෙසේ පවසයි. “ අපි පවුල් 18ක් ඉන්නවා. පළවෙනි ප්‍රශ්ණෙ තමයි ටොයිලට්
නැති එක. ඒ එක්කම කරන්ට් එක නෑ. වතුර නෑ. අපේ මහත්තය නගරසභාවෙ කම්කරුවෙක්. අපිට ඡන්ද කාලෙනම් පොරොන්දු දුන්න අරව මේව කරල දෙනව
කියල. ඒ වුනාට තවමත් කිසිදෙයක් කෙරිල නෑ ”
වැසිකිලි සදහා ඉඩ කඩක් නැති නමුත් ඔවුන් ඉල්ලන්නේ තමන්ගේ කුඩා ස්ථානය ඇතුලේ තම පවුලට
අවශ්‍ය වැසිකිලිය තනාගැනීමට උදව් කරන ලෙසය.
ඔවුන්ගේ අසරණකම නිසාම තමන්ගේ ප්‍රශ්ණ වෙනත් අයෙකුට ප්‍රකාශ කිරීමට පවා බියක් දක්වයි. ඒනිසා හැකි පමණින් මොනවා හෝ දෙයක්
කර ජීවිතය ගැට ගසාගන්නවා හැර කරන්නට වෙන දෙයක් නැතිබව ඔවුන් දරන අදහසයි. දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඇසූවිට සුනිල් පැවසුවේ
මෙවන් අදහසක්.- අපි අපේ ළමයින්ව යවන්නෙ ලගම තියෙන තිල්ලන්දූව ඉස්කෝලෙට. අපිට ළමයින්ව දුරකට යවන්න වත්කමක් නෑ. මේ ඉස්කෝලෙට
යවනඑක ලේසියි.
මේ අන්දමින් සරල සහ අසීරු පැවැත්මටකට හුරුවූ මේ ජනතාවට අදාලවූ ප්‍රශ්ණ විසදා ගැනීමට වගකිවයුතු අයගේ අවධානය යොමුවන්නේ
නම් අත්‍යාවශ්‍ය දේවල් ටිකවත් කරගැනීමට හැකිවනු ඇත.
සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි