අහිංසක කෙල්ලෙක්ව රවට්ටපු facebook පෙම්වතා නොවැ 9 වෙන්නප්පුව පොලිසියට

0
108

ඔයාලට මතකද අපි දැන් ටික දවසකට උඩදි ලිව්ව වෙන්නප්පුව පොලිසියෙන් කෙලවර වුන facebook පෙමක විස්තර. ඒ කතන්දරයට අදාලව අර නුවර පැත්තේ වෙන්ඩ දත් දොස්තර ලබන නොවැ 09 වෙනිදා අයෙමත් වෙන්නප්පුව පොලසියට එන්න ඕනේ ඉතුරු සල්ලි ගෙනත් දෙන්න. තවත් රු 44000 ක් එන්න තියෙනවා. මේක නොලැබුනොත් පුතයට පොලිසියෙන් නඩු දානව කියලයි තියෙන්නේ.(වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් කථා කරන්නකෝ වෙන්නප්පුව පොලිසියේ ජයමහ කියන මහත්තයට)

දොස්තර පුතයා අර කෙලිගේ දත් ගලවන්ඩ පටන් අරන් තියෙන විදියට තවත් මාසයක් ගියා නම් 32 කම ඉවරයි.

ඒ කියන්නේ ඔන්න දවසක් chat එකෙදි කිව්වලු මඟුල් ගෙයක් තියෙනවා අදින්න කිට් එකක් ඕනේ කියල. අනේ ඉතින් අර කෙලි යුරෝ 100 එවල. ඒ කියන්නේ රු 16000 ක් . ඉතින් මේ ගනුදෙනුවත් පොලිසියේදි බේරෙන්න එපැයි. මොකද දන්නවද දත් දොස්තර පුතය කරල තියෙන්නේ මිනිහ එදා පොලිසියට  පාර්සලයක ඔතල ගෙනත් දිල තියෙන්නේ පරණ හම්පඩ ගැහිච්ච කෝට් එකක් විතරයිලු.ඉතින් කෙලි අහල ඕකද ඔයා රු 16000 කට ගත්තු kit එක කියල…

( කොල්ල දන්නේ නෑ දැන් එයාගෙ කලිසම facebook එකෙන් ගලවන්න පටන් අරන් කියල. බලන් ඉන්ඩකෝ අහිංසක කෙල්ලන්ගේ දත් ගලවන නුවර චණ්ඩි මල්ලි කව්ද කියල නොවැ 9 වෙනිදායින් පස්සේ අපි පෙන්නනවා….)