ආගමික සහජීවනය සංහිඳියාව වර්ධනය කරන්න ,ඉෆ්තාර් සැමරුමක්

0
580

 

මීගමු පුරවරයේ, ආගමික සහජීවනය සහ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුව,සර්ව ආගමික වැඩසටහනක් ලෙස ,ඉෆ්තාර් සැමරුමක් ඊයේ දින සවස එනම් 05/04/2024 පෙරියමුල්ල, සොන්ඩර්ස් ප්ලේස්, උත්සව ශාලාවේදී පැවැත්විණි.

මෙය සංවිධානය කර තිබුණේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ප්‍රාදේශීය සහජීවන කමිටුව විසිනි. බෞද්ධ, කතෝලික මුස්ලිම් සහ හින්දු යන සිව් ආගමික පූජකවරුන් මේ උත්සවයට සහභාගි වී සිටියහ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස කොට්ඨාශ භාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා, මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක, චන්දන රණසිංහ මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු මීගමුව නගරයේ ව්‍යාපාරික හා සමාජ ක්‍රියාකාරිකයින් රැසක් සහභාගි වී සිටියහ.

මිගමු ප්‍ර.ලේ.රසිකා මල්ලවආරච්චි
කොට්ඨාසභාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ඇතුලු නිලධාරින්

මෙහිදී අඟුරුකාරමුල්ල විහාරස්ථානයේ ගරු විපුල ස්වාමීන් වහන්සේ විසින් ආගමික වතාවත් මෙහෙයවූ අතර , විජයපාල මෙන්ඩිස් අනුස්මරණ බෞද්ධ මධ්‍යස්ථානයේ ,දෙල්වල අංගිරස ස්වාමීන් වහන්සේ, මීගමුව කලාපයේ අනුනාහිමි සිස්වාන් කෲස් පියතුමා, මිනුවන්ගොඩ කෝපියාවත්ත, මුස්ලිම් දේවස්ථානයේ තුවාන් මුරාද් ෆකීර් මව්ලවිතුමා සහ පල්ලන්සේන, කතරගම දේවාලයේ රවින්ද්‍ර කුරුක්කල් තුමා ඇතුළු තවත් ආරාධිතයින් කිහිප දෙනෙකු විසින් විශේෂ දෙසුම් පැවැත්වූහ එලෙසම මෙම ඉෆ්තාර් සැමරුම් වැඩසටහන සඳහා මීගමුව සහ පෙරියමුල්ල ප්‍රදේශයේ ඉස්ලාමීය ආගමිකයින් පිරිසක්ද සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.

මෙම ඉෆ්තාර් සැමරුම් වැඩසටහන සර්වාගමික වැඩසටහනක් ලෙස සංවිධානය කර තිබුණේ මීගමුව,ප්‍රාදේශීය සහජීවන කමිටුවේ, මාර්කස් කාරීකරවන මහතා සහ මෙරිල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් විසිනි.

ගරු දේල්වල අංගීරස ස්වාමින් වහන්සේ
රොවින්ද්‍ර කුරුක්කල්තුමන්
ගරු සිස්වාන් කෲස් පියතුමන්
කොට්ටාශ භාර පොලිස් අධිකාරි එරික් පෙරේරා