ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

0
961

lester 1 ගැමි සුවද ගලායන ඔහුගේ “රේඛාව ” සහ යුගයක සහ පරම්පරාවක ගරාවැටීම සමග එහිම අංකුර සමග නැගගෙන අලුත් ව්‍යාපාරික සමාජයේ නැගිටීම ගැන කියවෙන “ගම්පෙරලිය” චිත්‍රපට රූපවාහිනිය ඔස්සේ නැරඹූ අප ඔහුගේ සිනමාවට අතිශයින්ම ඇලුම් කෙරුවෙමු.
රේඛාව වැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීමෙන් පසුව ඔහු අත ගැසූ “සංදේශය” ගැන විචාරකයෝ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට වටකරගෙන පහර දුන්නද එවැනි දැවැන්ත නිර්මාණ කිරීමට තරම් ශක්තියක් පෙන්වමින් එවැනි කාලයක් තුලදීද ඔහු ප්‍රදර්ශනය කලේ සිනමාව හැසිරවීමේදී තමා සතුව පැවති අභීත බවයි.
සිනමාවේදී කැමරා අධ්‍යක්ෂවරයා සමග එක්ව සමීප සහ මධ්‍ය රූප භාවිතා කිරීමට ඔහු වැඩි උනන්දුවක් දැක්වූයේ තමා ඉදිරිපත් කරන කතා තේමාවේ චරිතවල ඇති භාවාත්මක බව ගැන වැඩි උනන්දුවක් දැක්වූ නිසාය.
මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය,කලියුගය සහ යුගාන්තය තුන් ඈදුරු නවකතා චිත්‍රපටයට නැගීමෙන් මේ රටේ සිංහල කියවන පාඨකයන් තුල ඇතිවූ හදගැස්ම සමස්ත ලෝකයටම සංනිවේදනය කලේය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට සිනමාවෙන් තොර ජීවිතයක් තිබුණේ නැත. මියයන මොහොත දක්වාම ඔහු සියල්ල සිනමාව වෙනුවෙන්ම කැප කලේය.
ඔහු ගැන මේ මොහොතේ පටන් බොහෝ අය බොහෝදේ කතාකරනු ඇත. මේ මහා සිනමාකරුවා ඔහුගේ කාර්ය භාරය නියමාකාරයෙන් ඉටුකල බව ඔහුගේ නිර්මාණ රසවිදි සහ අධ්‍යයනය කල අය දනිති.
එහෙත් එතුමා පැවසුවේ තමාගේ හොදම චිත්‍රපටය ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට සදා මොක් සුව පතමු.

අරුණ ශාන්ත නෝනිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here