ආණ්ඩුවෙන් පඩි අරන් මීගමුව නවලෝක රෝහලේ වැඩකරන සෞඛ්‍ය නිළධාරින් කව්ද ?

0
172

nawalokaමීගමුව රෝහලේ විකිරණවේදින් පිළිබදව පවතින අඩුව නිසා අසල රෝහල් වලින් නිළධාරින් දෙදෙනෙකු මීගමුව රෝහලේ සේවය සදහා යොදවා තිබේ.
එහෙත් වාර්ථා වන අන්දමට මේ දෙදෙනා අදාල රෝහල් වලින් උදේ පිටත්ව මීගමුව රෝහලේ සේවයට පැමිණෙන බව අදාල බලධාරින්ට කියා තිබුණද ඇත්තට මේ අය බොහෝ දිනවලදි මේ අය යන්නේ මීගමුවේ ඇති නවලෝක රෝහලට යැයි රාවයක් දැන් කලක පටන් මීගමුව රෝහල තුල පවති.මෙසේ එහි යන මේ ශිල්පින් රෝහල කරා එන්නේ සවස 3 න් පසුවලු.
මේ පසුබිම යටතේ මීගමුව රෝහලේ විකිරණවේදියාගේ කාර්ය සිදුකරනු ලබන්නේ ඒ ගැන නිසි පුහුණුවක් නැති සේවකයන් පිරිසකටය.
මේ නිසා ඇතිවිය හැකිව තිබෙන  බරපතල තත්වයන්ද දැන් මතුව තිබේ.නිදසුනක් ලෙස ඇපන්ඩිසයිටීස් වැනි රෝගි තත්වයක් නිසි අයුරින්  විකිරණ පරික්ෂාවකට ලක්නොකොට අදාල රෝගියාව ශල්‍යකර්මයකට භාජනය කරන්නට වුවහොත් කුමක් සිදුවිය හැකිද ?
දැන් මීගමුව රෝහල තුල මේ බරපතල අවාසනාවත්ත තත්වය දැන් පැතිර යන්නට පටන් ගෙනය.