ආණ්ඩුවේ පුටු පෙරළිය ගැන මීගමු දේශපාලන නායකයොත් කලබල වෙති.?

0
60

මහින්ද රාජපක්ෂ ජානාධිපතිවරයාට එරෙහිව ශ්‍රිලනිප ජේෂ්ඨයින් රැසක් පෙළගැසෙන්නට නියමිතව තිබෙන පසුබිම ගැන තොරුතුරු අනාවරණය විමත් සමගින් මීගමුවේ ආණ්ඩු පක්ෂ ප්‍රබලයෝද විමතියට පත්ව සිටිතැයි වාර්ථා වේ.
විශේෂයෙන්ම තම පක්ෂයේ මහලේකම් වරයා පොදු අපෙක්ෂකයා විමට ඇති ඉඩ කඩ ගැන විවිධ පුවත් වේගයෙන් වෙබ් මාධ්‍ය ඔස්සේ මහජනයා අතරට ගමන් කිරිමත් සමගින්  මීගමුවේ ආණ්ඩු පක්ෂ ප්‍රබලයෝ  අවුලට පත්ව සිටිති.
කෙසේ වෙතත් සරත් ගුණරත්න සහ ඇන්ටනි ජයවීර වැනි ශ්‍රිලනිප ක්‍රියාකාරින් වසර 30 කට වැඩි කාලයක් තුල පක්ෂ මාරු නොකර ගිය ගමනකට හිමිකම් කිවද ඇමති ලංසාට නම් ඇත්තේ ඉතා කෙටී ඉතිහාසයකි.
දැනට මාධ්‍ය විසින් කරන හෙළිදරව් වලට අදාල ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨයින් 30 කට ආසන්න ප්‍රමාණයක් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළකිරිමට ආණ්ඩුවෙන් ඉවත් වන බව දැක්වේ.
ඇමති සරත් ගුණරත්න යනු ප්‍රබල මහින්ද වාදියෙකි.ඇමති නිමල් ලංසා යනු එජාප පවුල් පසුබිමක සිට දේශපාලනය පිවිසි අයෙකු වන අතර වරක් ඇමති ජේයරාජ ප්‍රනාන්දුපුල්ලේ සමගින් එජාපට යෑමට සුදානම් වුවෙකු යැයි ද සැලය.