ආණ්ඩුවේ මැයි දිනයට බලෙන් දක්කන උපාධිධාරීන්

0
59

මෙවර රැළියට සූදානම් වන එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින්  සෑම දිස්ත්‍රික්කයකම සිටින  රාජ්‍ය සේවයේ නිලධාරීන්ට  ආණ්ඩුවේ මැයි දිනයට  සහභාගීවීමට බල කරනු ඇත. පසුගිය කාලයේ සන්ධාන රජයේ මැතිවරණ  රැස්වීම් හා  සියලු තොරන් වැඩ වලට සෙනග රැගෙන ගියේ  ඒ ආකාරයෙනි.  එය සනාථ කරමින් වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව පත්වීම් ලබා පැමිණ සිටින උපාධිධාරීන් හට මෙවර පැවැත්වෙන මැයි රැළියට අනිවාර්්‍යයෙන් සහභාගී වන ලෙස දැනුම්දීමක් කර ඇත. මෙම දැනුම්දීම පළාතේ  ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් සිදුකර ඇති බව වාර්තා වන අතර අප මේ පිළිබදව වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීමක් කළෙමු. එහිදී දැනගන්නට ලැබුණේ  ප්‍රා.ලේකම් කාර්යාලයෙන් නිල වශයෙන් කැදවිමක් සිදුකර නොමැති බවයි.
එදින රජයේ නිවාඩු දිනයකි. මේ උපාධිධාරීන්ට නම් මෙය අනිවාර්්‍ය දඩුවමකි.  මේ පිලිබඳව අදහස් දැක්වූ උපාධිධාරියෙකුගේ ඥාාතියෙකු පැවසූවේ මෙම නව උපාධිධාරීන් නම් මැයි දිනය කියන්නේ කුමක් ද කියාවත් දන්නේ නැති, තරුණ පිරිසක් බවත්, කවුරුන් හෝ කියන නිසා  අකමැත්තෙන්  යනවා විණා ඔවුන්ට නම් කම්කරු අයිතිවාසිකම් ගැන කිසිදු හැගීමක් නොමැති බවයි.
Costa-Rica-Trapiche-Cart-Wheel-Cow-Leo-Tamburri-2011-IMGP9473-Lg-RGB-300x199