ආදි සිසුන් නිල්පාට කොටකලිසම් ඇඳ පාසැල් ගිය සුන්දර දවසක්…

0
358

421254_10151413026146044_808247228_nmarinest news 1marist new 5marist princidisnijagathmaris 10maristmarist14marist 3marist 11marsit 18maritsmarist 12marist 19 marist 20marist 18marist 16marist 13marist 14marist 155236_10151413024631044_238985086_n
පසුගිය ජුනි 02 වනදා මීගමුව මාරිස්ටෙලා විදුහල අසල අප දැක්කේ අරුමය ගෙන දෙන දසනකි. වයස 40 යේ 50 අප දන්නා මිතුරන් පිරිසක් නිල් කොට කලිසමෙන් සැරසි සුදු කමිස ඇද පාර පනිනු දුටිමි. කුමක් හෝ සුන්දර දෙයක් සිදුවෙමින් තිබුනේ යැයි හැගුනත් නැවති විස්තර අසන්නට තරම් ඉස්පාසුවක් නොවුයෙන් මම මාරිස්ටෙලා ගේට්ටුව පසුකරගෙන අපේ කාර්යාලයට ගියෙමි.
පසුව ෆේස් බුක් පිටු අතර තවත් සුන්දර ජායාරුප ගොන්නකු වුයෙන් අප හිත මිතුරු ප්‍රදිප් පිරිස් වෙත ඇමතුමක් ලබගත්තේ ඔහු මේ සුන්දර වැඩසටහනේ සම්බන්ධිකාරක යැයි සදහන්වු ලිපියක්ද එහි වු බැවිනි.
ඔහු අප වෙත පවසා සිටියේ සෑම වසරකම මැයි 31 දිනට යෙදෙන පාසැල් දිනය සමරනු වස් මාරිස්ටෙලා විදුහලේ ආදි ශීෂ්‍ය සංගමය මෙවර අළුත් මුහුණුවරක් එක් කරමින් යළිත් පාසැලට යන සංකල්පය ක්‍රියාවට නංවා තිබුනේ එදා පාසැල් කාලය එලෙසින්ම සමරමින්ය.
වයස අවුරුදු 85 ක් වු ආදි සිසුවෙක් පවා කොටලිසම් ඇද මේ අවස්ථාවට පැමිණි සිටි බව ප්‍රදිප් අපට කිවේය.
එමෙන්ම එදා සිටි ගරු මෑණිවරුන් සහ ගරු පියවරුන් පමණක් නොව මාරිස්ටෙලා නිකායික ගරු සහෝදරතුමන්ලා ද සම්බන්ධ වි සිට ඇත.
උදේ 7.30 පටන් දවල් පාසැල නිමවෙන තෙක් කාල සටහනකට මේ සියළුම කටයුතු පෙළගස්වා තිබුණි.
දිව්‍ය පුජාව මෙහි විශේෂ අංගයක් වි තිබුණි.
මේ දිනයේ සිදුවු තවත් සුවිශේෂී දේවල් බෙදාගන්නට ඉඩක් අපේ අඩවිය හරහා වෙන්කරන්නට අප කැමැත්තෙන් සිටින බවද අප අවසන් වශයෙන් අපි ප්‍රදිප් වෙත දන්වා සිටියෙමු.

 

ඡායාරූප උපුටා ගැනීම  – මාරිස්ටෙල්ලා විද්‍යාලයේ  ෆේසු බුක් අඩවියෙනි.