ආරක්ෂාවද ? ඉන්ධන ලීටරයද?

0
66

Global-NCAP-Crash-tst-Indian-Cars-_Tata_Nano-600x360අපි එදිනෙදා ජීවිතයේදී ආරක්ෂාව ප්‍රථමයෙන් යන සංකල්පයට අවධානය යොමු කරන්නෙමු.නමුත් බොහෝ දෙනෙක් රථ වාහන මිලදී ගැනීමේදී එම සංකල්පය ගැන සැලකිලිමත් නොවීම කණගාටුවට කරුණකි.

ශ්‍රීලංකාවේ සිදුවන රය අනතුරු වලින් 65%ක් සිදුවන්නේ නොසැලකිලිමත් රිය ධාවනය හා වාහන ආරක්ෂක පද්ධති වල ඇති දුර්වලතා නිසාය. යම් හදිසි රිය අනතුරක් සිදු වුවහොත් ජීවිත කාලයටම එක්තැන්වී පසුතැවීමට සිදුවිය හැක. ඒ නිසාම යම දෙයක් සිදුවීමට පෙර ඒ පිලිබදව සිතා කටයුතු කිරීම වඩාත් සුදුසුය. එ ම නිසාම එදිනෙදා භාවිතා කරන කුඩා මෝටර් රථයේ සිට ගුවන් යානය දක්වා ආරක්ෂාව පිලිබදව සිතීම වඩාත් වැදගත් වේ.

යමෙක් තම දහදිය මහන්සියෙන් ජීවිත කාලයම ඉතිරි කර උපයාගත් මුදල් වියදම් කර මිලදී ගන්නා මෝටර් රථයක් සාමාන්‍යයෙයන් භාවිතා කරන්නේ වසර 3ක පමණ කාලයකි. බොහෝ පිරිසක් කුඩා මෝටර් රථ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්නේ ඉන්ධන ලීටරයකින් ධාවනය වන දුර ප්‍රමාණයයි.නමුත් පවුලේ ආරක්ෂාව සිතා තමන් ගන්නා වාහනය පිලිබදව තීරණය නොකිරීම කෙතරම් දුරට සාර්ථකද යන්න පිලිබදව සිතා බැලිය යුතුය.කුඩා මෝටර් රථ වල ඉහල ඉන්ධන කාර්‍යක්ෂමතාවයක් ඇති නිසාත්,මහා මාර් වල පවතින අධික වාහන තදබදය නිසාත් කුඩා මෝටර් රථ මිලදී ගැනීමට වැඩි පිරිසක් යොමු වීම දක්නට ලැබේ. එය අප පරිසරයට මෙන්ම අපගේ ආර්ථිකයටද වඩා යෝග්‍යය වේ. එය ප්‍රායෝගික වූ විසදුමකි.

නමුත් යම් කුඩා මෝටර් රථ වැඩි කාර්‍යක්ෂමතාවයක් පෙන්නුම් කරන්නේ 100% එන්ජින් තාක්ෂණය නිසාම නොවේ. ආරක්ෂාවට නියමිත වූ ප්‍රමිතිය පවත්වා නොගෙන ඉන්ධන දහනයට පමණක් වාසි වන ආකාරයෙන් බද කොටස හා ඒ ආශ්‍රිත තහඩු වල ඇති ඝණත්වය අඩු කරමින් නිෂ්පාදනය කිරීම මෙයට හේතු වේ. ඉන්ධන කාර්‍යක්ෂතාවය වැඩි වූවත් එම කුඩා මෝටර් රථ වල මූලික ආරක්ෂාව හෝ නොමැත. එපමණක් නොව එම කුඩා මෝටර්රථ සදහා අධිවේගී මාර්ගවල ආරක්ෂාකාරී ධාවනය සදහා හැකියාවද නොමැති බව වර්ථමාන දත්ත පෙන්නම් කරයි.

ලෝකයේ සෑම නිෂ්පාදනයක් සදහාම විවිධ තත්ව සම්මාන පවතී. රථවාහනයක ආරක්ෂාව සම්බන්දයෙන් තත්ව වාර්ථා ලබා දෙන ලොව පිලිග.් හා ප්‍රමුඛතම ආයතය වන්නේ NCAP ආයතනයයි. මෙම තත්ව සම්මානය උපරිම තරු 5කින් සමන්විත වේ. තරු 5ම සහිත NCAP ආයතනයේ සම්මානලාභී කුඩා මෝටර් රථ අද වන විට මෙරට වෙළදපොලෙ පවතී. ඉන්ධන කාර්‍යක්ෂමතාවය වැඩි වාහන භාවිතා කලද එමගින් ලැබෙන ආරක්ෂාව පිලිබදව අවබෝධයෙන් හා තාර්කිකව සිතීම වැදගත් වේ. කුඩා මෝටර් රථ මිලදී ගැනීමේදී අන් සියළු කරුණුකාරණා සලකා බලනවා සේම ආරක්ෂාව හා ආරක්ෂක පද්ධති පිලිබදවත් වැඩි අවධානමක් යොමු කල යුතුය.

Global-NCAP-Crash-tst-Indian-Cars-_Ford_Figo-600x360

 

Hyundai-i10-crash-test

රිවිර පුවත්පතේ ලිපියක් ඇසුරිණි.

 

Save