ඇකඩමි කලාව

0
106

abigail-dance-academy-29769996-553-333ලංකාවේ  රෑපවාහිනී නාලිකා බොහෝමයක් දැන් පවතින්නේ විවිධ නම්වලින් හඳුන්වා ගන්නා ‘රියලිටි ෂෝ ‘ වැඩසටහන් වලිනි.  මේ රියලිටි ෂෝ සමග දැන් අලුත් කලාවක් ද බිහිවී ඇත. ඒ මෙම රියලිටි ෂෝ වලට  ඉදිරිපත් වීමට පෝලිමේ එන තරුණ තරුනියන් හට සංගීතය හැදෑරීම සඳහා දැන් අලුත් ආයතනයක් බිහිවෙමින් තිබේ. ඒවා නමින් ‘සංගීත ඇකඩමි’ වේ. මෙවැනි සංගීත ඇකඩමි බොහෝ ප්‍රෙද්ශ වල දැන් පටන් ගෙන ඇත. මීගමුව කොප්පරා හන්දියේද එක්තරා ප්‍රසිද්ධ ස්ථානයක මෙවැනි ඇකඩමියක් ගැන පුවරුවක් ප්‍රදර්ශනය වුණි. එහි තිබුණේ  ජනප්‍රිය ගායකයෙකු විසින් පවත්වනු ලබන  music academy යක් පිළිබදව ප්‍රචාරය කර තිබුණි.
ප්‍රශ්නය කීපයක් මතුවේ. ඉස්සර තිබුණේ සංගීත පන්තියයි. නැත්නම් සංගීත හෝ නැටුම් ශිල්ප හදාරන කලායතනයන් වේ.
දැන් මේ අලුතින් එන මෙගා වැඩසටහන් විසින්  ඇකඩමියක් හඳුන්වා දී ඇත.
මෙහි අරමුණ මෙන්ම විකාශනය පිළිබඳව ගැටළුවක් මතුවන්නේ මෙවැනි ඇකඩමියක් ( ශ්‍රාස්ත්‍රාලයක් හෝ විද්‍යායතනයක් ) පැවැත්වීම වෙනුවෙන් මේ සමහර ජනප්‍රිය වු ගායකයන්ට සුදුසුකම් තිබෙනවාද යන්නයි. එය පුද්ගලික ආයතනයක් වුවද  එහි ප්‍රමිතිය පිළිබදව වගකියන හෝ සොයාබලන ආයතනයක් තිබෙනවාද ? සංගීත පන්තියක් පැවැත්වීම හා සංගීත ඇකඩමියක් පැවැත්වීම අතර කාර්්‍යභාරය පැත්තෙන් වෙනසක් තිබෙන බැවින් මෙවැනි දේ සිදුවීම රජයේ හෝ කිසියම් පිළිගත් ආයතනයකින් නිරීක්ෂණය විය යුතුය.
සැබෑවටම ඇකඩමියක සිදුකරන අධ්‍යනයන් හා ඉගැන්වීම් මේවා තුළ සිදුවනවාද යන්නගැටළුවකි.
නැතිනම් සිදුවන්නේ අපේ නොදරුවන් ඒවාට ගොස් අකාලයේ මුදල් ද නාස්ති කර ගනිමින් දූරදර්ශී මාර්ගෝපදේශයක් නොලැබ ඔවුන්ගේ කාලය අපතේ යෙදවීමකි. බොහෝ විට වාණිජ අරමුණු වලින් පටන් ගන්නා මෙවැනි අලුත් තාලයේ විලාසිතා හතු පිපෙනවා සේ  ඇතිවී නැතිවී යති. අඩුම ගණනේ මෙවැනි ඇකඩමි පවත්වන පුද්ගලයන්  මෙහි අරුත හෝ දන්නවා දැයි සැක සහිතය. කෙසේ හෝ අපගේ තරුණ පරම්පරාව මෙවැනි වංචා වලින් බේරාගැනීම වැඩිහිටියන් සහ ගුරුවරුන්ගේ වගකීමක් වන අතර තමන්ගේ වටපිටාව තුළ ඇති මෙවැනි ඇකඩමි පවත්වන්නන්ට ඒවාට සුදුසුකම් තිබෙනවා ද යන්න සොයා බැලීම යහගුණයකි. acadamy