ඇත්ගාලේ ඌරැ කොටු හිමියාට දඩ

0
123

කටාන ඇත්ගාල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ඌරු කොටුවක් සම්බන්ධයෙන් ඒ ප‍්‍රදේශයේ ජනතාව කොච්චිකඬේ පොලීසියට 12 වතාවක් පැමිණිලි කරත් වැඩක් නොවූ නිසා අවසන ඔවුන් පසුගිය ජූලි මාසයේදී  එම ප‍්‍රදේශයේ දී කොච්චිකඬේ පොලීසියට එරෙහිව විරෝධතාවක් පවත්වන ලදී.  පසුව  කොච්චිකඬේ පොලීසිය විසින් පසුව මෙම ඌරු කොටුව පවත්වාගෙන යන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලදී. අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි වීරතුංග මහත්මිය මෙම ඌරු කොටු හිමියා ලක්ෂ 2ක ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර මෙම නඩුව අගෝස්තු 18 වනදාට කල්තැබිණි. එදින ද මෙම නඩු වාරයේදී මෙම නඩු විභාගය සැප්තැම්බර් මාසය දක්වා කල්තැබිණි. මෙම ඌරු කොටුව හේතුවෙන් ඇතිවී ඇති පරිසර ප‍්‍රශ්නය හේතුවෙන් ජනතාවගේ පාර්ශවයෙන් ඉදිරිපත්වී සිටින්නේ රෝස් ප‍්‍රනාන්දු  නීතිඥවරියයි.