ඇදහිය නොහැකි මිළකට කීරි සම්බා ??

0
346

පාලන මිළ ,උපරිම සිල්ලර මිළ යන වචන ඉතාමත් සිත්ගන්නා සුළු බලාපොරෝත්තු ඇති කර නැතිකළ ඒ්වා සේ අවස්ථා ගණනාවකදිම මෑත කාලය තුල ඉතිහාසයට එක්වු අවස්ථා එමටය.

දැන් යළිත් සිත හැදෙන හිත කලඹන , වෛරය කලකිරිම් ජනිත කිරිමට නියමිත පුවතක් අද රජය විසින් වාර්තා කර තිබුණි.

ඒ් සීනි සහ සහල් සම්බන්ධයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිමය.

ඒ අනුව සුදු සිනී පැකට් නොකළ කිලෝග්‍රෑම් 01ක සිල්ලර මිල රු. 122ක් වන අතර පැකට් කළ උපරිම සිල්ලර මිල රු. 125ක් ලෙස නම් කර ඇත.එමෙන්ම සුදු සීනි කිලෝග්‍රෑම් 1ක් ආනයන කරුවන් විසින් විකිණිය යුතු උපරිම තොග මිල රුපියල් 116ක් ලෙස එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

දුඹුරු හෝ රතු සීනි කිලෝවක් පැකට් නොකරන ලද උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කරන ලද සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රු.128ක් ලෙස ගැසට් නිවේදනයෙන් නියම කර ඇත.

මේ අතර වැඩි දෙනෙකුගේ අවධානය දිනාගන්න උපරිම සිල්ලර මිළ මෙවර නම්ව ඇත්තේ කිරී සම්බා වෙතය.
ඒ්කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු.125ක් සටහන්ව තිබිම නිසාය.
සුදු / රතු සම්බා – වාෂ්පයෙන් තැම්බූ / තබන ලද (සුදුරු සම්බා හැර) කිලෝ ග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු.103ක් ලෙස දක්වා ඇත.

සුදු / රතු නාඩු කිලෝග්‍රෑම් 01ක් සඳහා කිලෝග්‍රෑම් 01ක් සඳහා උපරිම සිල්ලර මිල රු. 98ක් ලෙස දක්වා ඇත.

සුදු / රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් 01ක් සඳහා වන මිල රු. 95ක් ලෙස සඳහන් කර ඇත.

හෙට සිට මේ මිළ ගණන් යටතේ කිරි සම්බාද ඇතුළු අනෙකුත් උපරිම සිල්ලර මිළ ලකුණු කළ භාණ්ඩ ලබාගැනිමට ඇති හැකියාව සහ නොහැකියාව තුල බුකියේ කවි වැසි වැසිමට නියමිතය.