ඇනලින් සමාගම විසින් ඉදිකර තිබුණු බස් මගි ආවරණය ගලවන්නට ඉඩදුන්න ඇනලින් ලොක්කා කව්ද ?

0
85

anlene milkප්‍රකට කිරි පිටි සමාගමක්  වන ඇනලින් සමාගම විසින් මීගමුව කෙලින් විදියේ රේල් ගේට්ටුව අසල ස්ථාපිත කර තිබු බස් මගි ආවරණය හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ඉල්ලිමක් පිට ඇනලින් සමාගමේ කිසියම් නිළධාරියෙකු විසින් ගලවා දමන්නට කටයුතු කර ඇති බවක් පෙනේ.
මේ සම්බන්ධයෙන් අප ඇනලින් සමාගමේ ප්‍රවර්ධන නිළධාරි රැල්ෆ් මහතාගෙන්  විමසා සිටි අවස්ථාවේ දි ඔහු කියා සිටියේ තම සමාගම විසින් ඉදිකළ බස්මගි ආවාරණයක් එසේ ගලවා දමන්නට කිසිදු උවමනාවක් නැති බවත් මේ ගැන සොයා බලා අප දැනුවත් කරන බවත්ය.
කෙසේ වෙතත් දැන් මේ බස් මගි ආවරණය ගලවා ඉවත් කොට ලියෝ කැමිලස් පියතුමා භාරයේ ඇති කෲස් මඩම ඇති භුමියේ කොනක තබා තිබේ.
ඇනලින් සමාගම මෙසේ බස්මගි ආවරණය කව්රුන් හෝ තනි පුද්ගලයෙකුගේ උවමනාව වෙනුවෙන් ගලවා විසිරිකර තබා තිබුනේ නම් ඔවුන්ගේ සියළු ප්‍රජා සත්කාර ක්‍රියාවලට එය පැහැදිලිව එරෙහිව යන්නකි.
මේ ඇනලින් සමාගමේ මෙසේ හිතුවක්කාර ලෙස කටයුතු කර ඇත්තේ කව්දැයි දැනගැනිම  සදහා අපද මහත් උනන්දුවකින් පසුවන්නෙමු.